නීතිඥයාට සහ ඔහුගේ බිරිඳට අපහාස කළ දෙදෙනා රිමාන්ඩ්

296

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 
 

නීතිඥවරයකුට සහ ඔහුගේ බිරිඳට අපහාසාත්මක වන අන්දමින් වට්ස් ඇප් ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහෙස්ත‍්‍රාත් රෝහණ මනම්පේරි මහතා ඊයේ (24 දා* නියෝග කළේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පාණදුර, වෑකඩ සහ පානදුර නාරංපිටිය ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මල්ක දේනෙත්ති මහතා ප‍්‍රකාශ කර සිටියේ පැමිණිල්ල සිදුකර ඇති නීතිඥවරයාට සහ ඔහුගේ බිරිඳට අපහාසාත්මක වන අන්දමින් වෙනත් පුද්ගලයකු ගේ උපදෙස් මත වට්ස් ඇප් ඔස්සේ ප‍්‍රචාරය සිදුකළ බව තම සේවාදායකයින් පිළිගන්නා බවත් ඒ අනුව ප‍්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් බවත්ය. ඒ අනුව අපරාධය සිදුකිරීමට උපදෙස් දී සැඟව සිටින පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
 
 අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් වන වජිර කවිසිංහ, රංජිත් රුද්‍රිගු, සුගත් හඳුන්ගේ සහ දිනුක එන් සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ. පානදුර දකුණ පොලිසියේ සැරයන් ආනන්ද (13085* පොලිසිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. නඩුව ලබන ජූලි 7 දා නැවත කැඳවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment