නීතිඥ අයේෂාගෙන් ගීත හයක්

101

‘‘දුර අහසේ සඳක්’’ මේ දිනවල ගුවන් විදුලියේ ප‍්‍රචාරය වන මේ ගීතය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙන්නේ එහි වූ මාධූර්ය හ`ඩ නිසා. දුර අහසේ සඳක් ගීතයේ හිමිකාරිය අයේෂා අත්තනායක. වෘත්තියෙන් නීතිඥවරියක් වන ඇය සංගීතයේ අත්පොත් තබන්නේ නන්දා මාලනියන්ගේ සංගීතාශ‍්‍රමයෙන්. නීතිඥ වෘත්තියට වඩා බොහෝ සෙයින් වෙනස් ක්‍ෂේත‍්‍රයක් වුණත් ඇය ගීතයට පෙම් බඳිමින් මේ වන විට හරවත් ගීත 6 ක් සංගීත ලොවට දායාද කර තිබේ. දර්ශන වික‍්‍රමතුංගගේ සංගීතවත් කළ ‘‘දුර අහසේ සඳක්’’ , ‘‘ ඔබ මගෙන් වෙන් වෙලා’’ ගීත ද විමුක්ති සිරිමාන්නගේ සංගීතවත් කළ ‘‘යුක්තියේ දෙවඟනගේ ශෝකාලාපය’’, විපුල ආසිරි සංගීතවත් කළ ‘‘අත් වැල අරන්’’ නමැති ගීතද මේ නැවුම් ගී අතරට අයත්. රාජකීය ජාතික පාසලෙන් සිප්සතර හැදෑරූ අයේෂා තවත් ගීත නිර්මාණ කිහිපයක් ඉදිරියේදී ජනගත කරමින් නීතිඥ වෘත්තිය මෙන්ම ගායිකාවක් ලෙසද දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment