නීතිපතිගෙනුත් නිලධාරි කණ්‌ඩායමක්‌

603

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදි සිය ශරීරයට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගත්තේ යැයි කියන 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අවශ්‍ය නෛතික උපදෙස් ලබාදී ඉදිරි අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබේ.
 
 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්‍ද්‍ර කුමාර, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකාව ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22 දා* සිය කාර්යාලයට කැඳවා ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් සාකච්ඡුාවක් පැවැත්වූ නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා එම නිලධාරීන් කණ්ඩායම පත්කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.
 
 පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එකී මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා පත්කළ විශේෂ පොලිස් කණ්ඩායම විසින් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය ද එහිදී නීතිපතිවරයාට වාර්තා කොට ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. බොරැුල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පසුගිය 3 වැනිදා ශරීරයට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගත්තේ යැයි කියන ජූඞ් කුමාර් ඉෂාලිනි නමැති එම දැරිය කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 15 වැනිදා මියගොස් තිබිණි.
 
– ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment