නීතිපතිගේ විරෝධය ඉවතට – බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට උසාවියෙන් අවසර

844

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ මූලික විරෝධතාව ප‍්‍රතික්‍ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු සිවුදෙනකු කැබිනට් මණ්ඩලයට අමතරව පත්කිරීම  අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට ඊයේ (23 දා) අවසර ලබා දුන්නේය.

ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මුර්දු ප‍්‍රනාන්දු, ගාමිණී අමරසේකර හා ශිරාන් ගුණරත්න යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී ඊයේ (23 දා) කැ`දවිණි.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ස`දහන් ප‍්‍රමාණයට වඩා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු හා රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු පත්කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර තිබිණි.

සිය සේවාදායකයා විසින් එකී කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබියදීත් ජනාධිපතිවරයා විසින් නැවත අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් වෙනස් කර ඇති බවත් එකී ක‍්‍රියාව නුසුදුසු කි‍්‍රයාවක් බව පෙනී යන බවත් අධිකරණයට පෙන්වා දුන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදුවගේ මහතා එබැවින් සිය පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය විරෝධය දැක්වූවාය.

සංශෝධිත පෙත්සම ලබන මැයි 4 වන දින හෝ ඊට පෙර ගොනුකරන ලෙසටත් විරෝධතා ඇත්නම් මැයි 11 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙසටත් එහිදී නියෝග කළ විනිසුරු ම`ඩුල්ල එම පෙත්සම සලකා බැලීම ස`දහා ලබන මැයි 18 දා යළි කැඳවීමට දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment