නීතිපති දේශපාලන අතකොළුවක් නොවිය යුතුයි

225

සුදුවෑන් රථයකින් පැමිණ ෂෙහාන් මාලක පැහැර ගත්තා
යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගන්නවා

නීතිපති මහජන සේවකයකු විනා දේශපාලන අතකොළුවක් නොවන බවත් රජය මේ කරන කුමන්ත‍්‍රණකාරී වැඩ නිවැරදිව හඳුනාගෙන සුදුසු වේලාවට නිසි පියවර ගන්නා ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (15 දා) කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කියා සිටියහ.

ශෙහාන් මාලක ගමගේ නමැති තරුණයකු මහමගදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාදිනල්තුමා එහිදී මෙසේ ද කියා සිටියේය.

ශෙහාන් මාලක තරුණයා සුදු වෑන් රථයකින් පිරිසක් මහමගදී බලහත්කාරයෙන් උස්සගෙන යනවා. ඔහු සජීවී වීඩියෝවක් මගින් මේ රටට එය සනාථ නොකළා නම් අද වනතුරුත් අපට දැනගන්න ලැබෙන්නෙ නෑ ශෙහාන් මාලක කොහෙද කියලා. පොලිස් නිල ඇඳුමෙන් ඇවිල්ලයි එහෙම කරන්නේ. චූදිතයට කිසිම පෙර දැනුම්දීමක් නැතුව පැහැර ගැනීමක් හැටියට තමයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට කොහෙත්ම නොගැළපෙන අශීලාචාර දාමරික කි‍්‍රයාවක් හැටියට මම අර්ථකථනය කරනවා. එනිසා අපි මේ කි‍්‍රයාව බලවත් ලෙස හෙළා දකිනවා. මේ සිද්ධිය මගින් ශෙහාන් මාලක තරුණයාගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව මම හිතනවා. ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට සහන බලාපොරොත්තුව කරුණු පැහැදිලි කරන ආණ්ඩුව මේ වෙලාවෙදි මිනිස්සුන්ට කරන වින්නැහිය ඔළුව තියෙන කෙනෙක් හැටියට කරනවද කියලා අපිට ප‍්‍රශ්නයක් මතුවෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක භාෂණයේ අයිතිය, තම මතය ප‍්‍රකාශ කිරීමේ අයිතිය මානව හිමිකමක්. ඒ අයිතිය රැුකගැනීමට අපි අධිකරණයේ පිහිට පතනවා පාස්කු ප‍්‍රහාරයේ කුමන්ත‍්‍රණකරුවන් නිදැල්ලේ සිටියදී පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඬන`ගන අය නිහඬ කර මර්දනය කරන්න දරන මේ උත්සාහය පිළිකුලෙන් යුක්තව හෙළා දකිනවා.

අපි නීතිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ කි‍්‍රයාකලාපයක් නොවෙයි. ඔහු මහජන සේවකයෙක් විනා දේශපාලකයන්ගේ අතකොළුවක් නොවෙයි. පාස්කු කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න අසමත් නීතිපතිතුමා, පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ඉල්ලන අය අත්අඩංගුවට ගන්න කි‍්‍රයා කරමින් සිටින බව අපිට පේනවා. නීතිපතිතුමාට මම මතක්කර දෙන්න කැමතියි ඔහුට එවැනි අයිතියක් නැති බව. දේශපාලන ලෝකයේ අයගේ වුවමනා එපාකම් පිරිමහන්න නොවෙයි නීතිපති සිටින්නේ, පොලිස්පතිවරයෙක් ඉන්නේ. සමාජයේ ජනතාවට සේවය කරන්නයි ඒ අය ඉන්නේ. නීතියේ ආධිපත්‍ය ආරක්‍ෂා කරන්නයි ඒ අය ඉන්නේ. ඔවුන් එය ඉටුකරන්නෙ නැත්නම් අපිට ඒ ගැන මුකුත් කියන්න බැහැ.

අපි ලැජ්ජාවට පත්වෙනවා ඒ ගැන.

මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා රජය කරන කුමන්ත‍්‍රණකාරී වැඩ හඳුන ගන්න කියලා. එසේ හඳුනාගෙන ඊට අවශ්‍ය සුදුසු වෙලාවේ පියවර ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment