නීතිපති නියෝජනයක් නැතිව බැහැ – ශෂීගේ ඇප අයැදුම අද කැඳවීමට නියෝග

298

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අයදුම්පත සලකා බැලීම සඳහා අද (31 දා) කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (30 දා) නියෝග කළේය.

එකී ඇප අයදුම්පත පැමිණිල්ල මෙහෙය වූ නීතිපතිවරයාගේ නියෝජනයක් නොමැතිව සලකා බැලිමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නීතිපතිවරයා වෙත නොතිසි නිකුත්කරන ලෙසටද නියෝග කළේය.

චූදිත උදයන්ති රණසිංහ හෙවත් ශෂි වීරවංශ මහත්මියව යළි අද විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා බන්ධනාගාර අධිකාරිවරයාට එහිදී නියෝග කළේය.

අවිධිමත් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික  ගමන් බලපත්‍රයක් නිත්‍යානුකූල බලයක් නොමැතිව සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරනු ලැබූ ශෂි වීරවංශ මහත්මියට පූර්වගාමී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් පසුගිය 27 වැනිදා බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක  – ඡායාරූපය – සමන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment