නීතියෙන් අවසර ලැබුණත්  පොලිස් ආරක්‍ෂාව ලැබී නෑ – පොලිස්පතිත් කතා නෑ

215

– චමුදිත සමරවික‍්‍රම

 තමාගේ ජීවිතයට පොලිස් රැුකවරණය ලබාදිය යුතු බවට නීතියෙන් අවසර ලැබී ඇතත් පොලිස්පතිවරයා ඒ පිළිබ`දව මෙතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැතැයි හිරු ටීවී මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා ‘දිවයින’ ට ඊයේ (20 වැනිදා* පැවැසීය.

 පොලිස්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට කොතෙකුත් උත්සාහ කළද නොහැකිවූ බවද හෙතෙම කීය.

 පොලිස්පතිවරයාගේ මෙම කි‍්‍රයාව සහ තමාට මෙතෙක් ආරක්‍ෂාව නොලැබීම සම්බන්ධවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දෙන බවද ඔහු ස`දහන් කළේය.

 ජාතික ආරක්‍ෂාව පිළිබ`දව පෙනී සිටින පොලිස්පතිවරයා තමා සමඟ දුරකථනයෙන් කතාබහ කිරීමට පවා මැලිකමක් දක්වන්නේ පුද්ගලික අමනාපයක් නිසා විය හැකි යැයිද හේ කීවේය.

 මේ පිළිබ`දව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමඟ තමා දුරකථනයෙන් කතාබහ කළ බවද ඒ ස`දහා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පැවසූ බවද චමුදිත සමරවික‍්‍රම මහතා ස`දහන් කළේය.

 නෝමන් පලිහවඩන සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment