නීතිය අතට ගන්නා පුද්ගලයන් වහාම උසාවි ගේන්න – ඇමැති ටිරාන්ගෙන් පොලිසියට උපදෙස්

223

සැකකරුවන් පොලිසියට ඉදිරිපත් නොකර නීතිය අතට ගන්නා සාමාන්‍ය පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමා සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කළ බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ ට ඊයේ (11දා) පැවැසීය.

රිය අනතුරකින් ත්‍රිරෝද රියදුරකු මරුමුවට පත්වීමෙන් පසු අනතුරට ලක්කළ වාහනයේ සිටි කාන්තාවකට ඉතා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කළේය.

මෙම කාන්තාවන්ට පහරදීමේ සිද්ධියට මේ වනවිට සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ ටිරාන් අලස් මහතා මෙලෙස ක්‍රියා කිරීමට පෙළඹීම වරදක් බවද සඳහන් කළේය.

පොලිසියේ කාර්යභාරය නීතිය ක්‍රියාත්මක කිරීම වුවත් මහජනතාව පොලිසියේ රාජකාරිය අතට ගැනීම සුබවාදී නොවන බවද ඇමැතිවරයා පැවැසීය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment