නීතිය ඉදිරියේ ඇත සම අයිතිය ආරක්ෂා කරමු

89

ලංකාවට නිදහස ලබාදීමට නිදහස් ගිවිසුම ඞී.එස්. සේනානායක මහතා අත්සන් කළ අවස්ථාව

ටොරින්ටන් චතුරස‍්‍රයේ මංගල ශාලාවේ දී පැවැත් වූ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උළෙලින් පසුව ග්ලොස්ටර් ආදිපාදතුමා, එම දේවිය සහ සම්භාවනීය අමුඅත්තන් ද ඉදිරියේ සිංහ කොඩිය එස වූ ඞී.එස්. සේනානායක අගමැතිතුමා සිංහලෙන් කතා කරමින් 1948 පෙබරවාරි 4 වැනිදා පැවැත් වූ ඓතිහාසික කතාව.

මේ සිහිකටයුතු ඓතිහාසික දිනයේ ලංකා වාසීන්ට වචන ස්වල්පයක් කීම මගේ යුතුකම යැයි මට හැෙඟ්. මෙහි රැුස්ව සිටින සමූහයා වූ කලී සමහරවිට අපේ ඉතිහාස කාලයේ කිසියම් අවස්ථාවක එකම තැනක රැුස්වූ විශාලතම ජනකාය වෙන්නට පුළුවන. මෙහි රැුස්වූ පිරිස අති විශාල වුවද එය අපේ රටේ ජනගහනයෙන් සුළු කොටසක් බවට සැකයක් නැත. ඒ නිසා නවීන විද්‍යාවත් දක්‍ෂ පුරුෂයනුත් විසින් නිපදවා තිබෙන උපකරණ රට මුළුල්ලේම හැකි තරම් විශාල සංඛ්‍යාවකට මගේ කතාව ශ‍්‍රවණය කරවීමට ආධාරකොට ගනිමි. ස්වාධීන ලංකාවේ පළමු වැනි පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය නැරැුඹීම සඳහා මෙහි රැුස්ව සිටින සමූහයා සමග එක්වීමට තමුන්නාන්සේලාගෙන් වැඩි දෙනකුම බොහෝ ආශා කළ බව මම දනිමි. එහෙත් කටයුතුවල අන්දමට ඊට ඉඩක් නොලැබෙන්නට ඇත. එසේ වුව ද මේ අවස්ථාවේ තමා වෙනුවෙන් පෙනී සිටීම සඳහා මහ රජාණන් වහන්සේ විසින් ස්වකීය සහෝදරයා තෝරා ගැනීමෙන් කළ උතුම් කි‍්‍රයාව ගැන අපේ හෘදයාංගම පී‍්‍රතිය ප‍්‍රකාශ කරන බව ම විසින් කියනවිට මා ප‍්‍රකාශ කරන්නේ ලංකාවාසීන්ගේ ඒකමතික හැඟීම බවක් දනිමි.

නීතිය ඉදිරියේ ඇත සම අයිතිය ආරක්ෂා කරමු
1948 පෙබරවාරි 4 වැනි දා ලංකාවට නිදහස ප‍්‍රදානය කිරීමේ උත්සවයට එංගලන්තයේ සිට පැමිණි ග්ලෝස්ටර් ආදිපාදවරයා රජගෙදර සිට උත්සවය පැවැති නිදහස් චතුරස‍්‍රයට යන රාජකීය ගමන ලේක්හවුස් වටරවුම ඉදිරිපිට දී එදා මෙලෙස කැමරාවට නැඟුවේ ලේක්හවුසියේ එකල ඡායාරූප ශිල්පියකුව සිටි එල්. ඊ. සමරරත්නයි.
 

අප පී‍්‍රතිවන මේ අවස්ථාවේ ග්ලෝස්ටර් ආදිපාදතුමාටත් එම දේවියටත් අප සමග එක්වීමට පුළුවන් වීම ගැන අපි බොහෝ සතුටු වම්හ.

‘‘අපි නැවතත් නිදහස් ජනතාවක් විමුයි’ පී‍්‍රතිවන තරම් උද්‍යෝගයක් නැති කිසියම් කෙනෙක් අප අතර සිටින්නේ යැයි මම විශ්වාස නො කරමි. ශත වර්ෂ තුනක් මුළුල්ලේ අපි නිදහස ලබාගැනීම සඳහා බටහිර ආණ්ඩුත් පෘතුගීසි, ඕලන්ද සහ බි‍්‍රතාන්‍යයන් සමග සටන් කළෙමු. 1815 මාර්තු 2 වැනි දා ට උඩරට රාජධානිය බි‍්‍රතාන්‍ය කිරීටයට පවරමින් අපේ ස්වාධීනත්වය පිළිබඳ 4 වැනි දා බි‍්‍රතාන්‍ය කිරීටය ඒ ස්වාධීනත්වය ලංකාවාසීන්ට ලේ බිඳක්වත් නො වැගරීමෙන් ඒ නිදහස පවරා දීම ගැන අපි බොහෝ පී‍්‍රති වම්හ. එය එසේම ඉතා සුදුසු ය. ලංකාවාසී බොහෝදෙනකු විසින් අදහන බුද්ධාගම ලේ වැගිර වීම නින්දිතකොට සලකයි. ලෝකය වෙනුවෙන් අප ඒ ආගම ආරක්ෂා කරගෙන සිටින බව අපට නො පැකිලව කිව හැකිය. අන් රජවරු ද එය ආරක්ෂා කරමින් එය පවත්වා ගෙන යෑමට ප‍්‍රතිඥා දුන්හ. බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ද එසේම එකඟ වූයේය. එහෙත් බෞද්ධ ධර්මයෙහි අංගයක් වූ ඉවසීමෙන් යුත් දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ ආණ්ඩුව සෙසු අයට ද කැමැති ආගමක් ඇදහීමට ඇති නිදහසට බාධාවක් නො කළේය. මෙය සෑම අයකුට ම හිමි වීම මූලික ඇදහීමට කෙනකුට ඇති නිදහස නැති කරන්නට පුළුවන්කමක් නැත. අපට ලැබුණ නිදහසෙහි ඒ නිදහස ගැබ් වී ඇත්තේය.

මේ නිදහස අප ලැබුවේ යුද්ධයෙන් පීඩිත වූ ලෝකයට අප විසින් කරන ලද සේවයක් නිසා යැයි අපි විශ්වාස කරම්හ. අප විසින් ඒ සේවයන් කරන ලද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අභිවෘද්ධියක් කාරුණිකත්වයත් සාමයත් සඳහාය. අපට ස්වාධීනත්වය පැවරීමෙන් උච්චස්ථානයකට පත් ව්‍යවස්ථානුකූල ආණ්ඩු ප‍්‍රතිසංස්කරණයෙන් ඒ අපේ සේවය කෙරේ දැක් වූ සැලකිල්ල ගෙනහැරපානු ලැබේ.

ඇත්ත වශයෙන්ම අපට පැවැරූ මේ ස්වාධීනත්වය බි‍්‍රතාන්‍ය දේශපාලන නෛපුණ්‍යයේ චිරාගත උසස් ප‍්‍රතිපත්තිවලට එකඟ ය. බි‍්‍රතාන්‍ය බලය පැවැති මේ ශතවර්ෂ එකහමාර තුළ කාලයේ සිවිල් කටයුතු සම්බන්ධයෙන් පැවැති භේදයක් පොරයක් නිසා අනතුරු අඩියකට පත්වී තිබුණු සමගිය සම්බන්ධයෙන් හැඟීම යළිත් පිහිටුවනු ලැබීය. ‘මැස්කනාටා’ ගිවිසුමෙහි ගැබ් වී නිදහස සම්බන්ධ ප‍්‍රතිපත්ති කි‍්‍රයාවෙහි යොදවනු ලැබීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිවාසිකම් හා වරප‍්‍රසාදවල වටිනාකම අපි දැක ගනිමු. කෙනකුට ඇති නිදහසත් වැසියාත් දෙපොළත් ආරක්ෂා කිරීමත් කතා කිරීමට ඇති නිදහසත් ආගමකට ඇති නිදහසත් අපි අගයකොට සලකමු. නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වය ද අපි අගයකොට සලකමු.

අපේ ආණ්ඩුවේ කටයුතු කෙබඳු සංවර්ධන අවස්ථාවකට පත්වී ද යත් අප අපේ කටයුතු පාලනය කර ගැනීමට හැකිවන පරිදි සම්පූර්ණ බලය අප අතට ගන්නා තත්ත්වයකට එළැඹ තිබේ. බි‍්‍රතාන්‍යයන් ස්වකීය පාලන බලයෙන් ඉවත්ව යෑම, ‘යහපත් ආණ්ඩුවක් – ස්වෛරී ආණ්ඩුවක් වෙනුවෙන් යොදාගත නොහැක්කකි’’ යනුවෙන් බි‍්‍රතාන්‍ය රාජ්‍ය පාලකයකු වරක් පැවැසූ අනාගත අදහස කි‍්‍රයාත්මක ලෙස පිළිගැනීමක් බව අපි කෘතඥතාවයෙන් සඳහන් කරමු. බි‍්‍රතාන්‍ය ආණ්ඩුව කරගත් මෙම තීරණය බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ඇති සමග පවත්නා අපේ මිත‍්‍රත්වය අපේ මුතුන් මිත්තන්ගේ භාෂාවෙන් කියන පරිදි ඉර හඳ පවත්නා තෙක් ශක්තිමත්ව පැවැතීමට හේතු වන්නේ යැයි කීම අනවශ්‍ය ය.

අපි බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සිටීමට අපේ කැමැත්තෙන්ම තේරා නියම කර ගනිමු. අපි එම මණ්ඩලය තුළ මින්මතු සිටින්නේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අදහසට යටත් ජනතාවක් වශයෙන් නොව, පොදු රාජ්‍ය මණ්ඩලයේ වගකිව යුතු සාමාජිකයකු වූ බි‍්‍රතාන්‍ය ජනතාවත් සමග සමානත්වයෙහි යටත්භාවයක් ඇති නොවන්නාක් මෙන්ම නිදහස් ලෙස රටවල් ආශ‍්‍රය කිරීමටත් එක සමාන මිත‍්‍රත්වයකින් ඔවුන්හට සම්බන්ධයක් ඇතිව සිටීමටත් පුළුවන.

නිදහසත් සමග භාරධූර වගකීම් රඳා ඇත්තා හ. මින්පසු අපේ කි‍්‍රයා සහ අඩුපාඩු අපට ම අයිති ඒවා ය. මින්මතු අපේ පාලන කටයුතුවල දී ඇතිවන වැරැුදි සහ අඩුපාඩුවලට අනන්‍යන්ට දොස් පැවරීමට අපට නුපුළුවන. මේ ප‍්‍රස්තාවයෙන් ප‍්‍රයෝජනය ගෙන මෙරට ශ‍්‍රීමද්භාවයත්, සමෘද්ධියත් දියුණු කිරීමට උත්සාහ දැරීම සෑම ජාතිකයකුගේම යුතුකම විය යුතුය. මෙම ජනතාව ජාතීන් කිහිපයකින් යුක්තය. එක එක ජාතියකට ස්වකීය සංස්කෘතියක් හා ඉතිහාසයක් ද ඇත්තේය. ඒ උතුම්භාවය ගොඩනැංවීමට අධිෂ්ඨාන කර ගැනීම සඳහා අප තුළ විද්‍යමාන, ඉතා හොඳ වූ සියලූ දෙයම එක්තැන් කර සාමය, ආරක්ෂාව සහ යුක්තිය ඇති කිරීමට ලෝකයේ සෙසු පක්ෂ සමග එකතු වීම අපි පිට පැවරී තිබෙන යුතුකමකි.

සකස් කළේ නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment