නීතිය රකින හැටි ජනපති ආරක්ෂක අංශ වෙත කියයි

363

මම ඉන්නේ හරිදේ කරන්න. ජනප්‍රිය දේ කරන්න නෙමෙයි. මම ජනාධිපති ලෙස ඉන්නකම් නීතිය හා සාමය කඩන්න ඉඩ දෙන්නේ නැහැ. පාරේ ගිහින් කෝලහාල කරන්න බැහැ යැයි ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.ඒ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය”අපේ රට මුහුණ දෙන විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න අවශ්‍ය පළමු පියවර ආරම්භ කළා.””හෙට විශ්වවිද්‍යාලයේ ආර්ථික කථිකාචාර්යවරුන් හමුවෙන්න මම බලාපොරොත්තු වෙනවා.” “මම ජනාධිපති වුණේ රටේ විශාල අවුලක් තිබුණු වෙලාවක. පාර්ලිමේන්තුව අල්ලගන්න තත්ත්වයට ඇවිත් තිබුණේ.””එදා හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ගත් පියවරවල්වලට මම අද ස්තූති කරනවා. ඒ පියවර ගත්තේ නැත්නම් අද අපිට මෙහෙම ඉන්න බැහැ.”

“අමාරු තීරණ ගන්න සිදුවුණා. බදු වැඩි වුණා, භාණ්ඩ මිල වැඩි වුණා, බදු ගෙවන්න සිදුවුණා. ආදායම් සීමා වුණා. ප්‍රශ්න නැති කවුරුවත් මෙතන නැහැ. ඒ තීරණ ගත්ත නිසයි IMF ආධාර අපිට ලැබුණේ. ඒ නිසා මේ මාසයෙත් ලබන මාසයෙත් පඩි ගෙවන්න අපිට මුදල් තිබෙනවා.””මේ පළවෙනි වටයේ විතරයි. දැන් අපිට විදේශ බැංකු එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අපිට ණය ගැන සාකච්ඡා කරන්න තිබෙනවා… කණ්ඩායම් 03ක් එක්ක. පැරිස් සමාජය, ඊට අයත් නොවන චීනය වැනි රටවල් සමග, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව.””වැඩියෙන්ම අපි ණය වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොලෙන් ගත්තු ඩොලර් බැදුම්කරවලට.. සියයට 50කට වැඩියි.””මම බලාපොරොත්තු වෙන්නේ ඒකත් ඉක්මණින් අවසන් කරන්න. කොච්චර අමාරු වුණත් කෙටි කාලයකින් අපි මේකෙන් ගොඩ එමු.”

“අපේ ප්‍රධාන ප්‍රශ්න දෙක.. විදයම්වලට වඩා ආදායම් අඩුයි. රුපියල්වලින් ණය ගත්තා ඒකට. ආනයනවලට වඩා අපනයන ආදායම අඩුයි. ඒකට ඩොලර්වලින් ණය ගත්තා. මේක වෙනස් කරන්න අපි කටයුතු කළ යුතුයි.””ආණ්ඩුව තුළ විශාල ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න තිබෙනවා. අලුත් බඳවාගැනීම් නවත්වලා තිබෙනවා. පිරිස අඩු කරනවා. ඒක ත්‍රිවිධ හමුදාවටත් පොලීසියටත් බලපානවා. 2028 වනවිට ත්‍රිවිධ හමුදාවේ සංඛ්‍යාව බොහෝදුරට අඩුවෙයි.””පොලීසියේ සංඛ්‍යාව ටිකක් වැඩිකරන්න සිදුවෙලා තිබෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරගන්න අවශය නිසා. රාජ්‍ය සේවයේ ඒක වෙන්නේ නැහැ.””අපි අලුත් ආරක්ෂක උපක්‍රම සකස් කරගන්න තිබෙනවා.

මුහුද, ගුවන මොකක් වෙයිද අපි දන්නේ නැහැ. ගොඩබිමේ හමුදාව කොහෙට යවන්න වෙයිද දන්නේ නැහැ.””අපිට සූදානම් වෙන්න තියෙන්නේ ඊළඟට එන ප්‍රශ්නයට. ඒ සඳහා විශේෂ පියවර කිහිපයක් අපි ගන්නවා.””මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා තද නීති ගේන්න මම උපදෙස් දුන්නා.” “අපිට හැමදාම හිඟමනේ යන්න බැහැ. අපි දියුණු ආර්ථිකයකට යන්න ඕනේ. ඒකට අපි අලුතින් හිතන්න ඕනේ.””අපිට විශාල වෙළෙඳපොලවල් දෙකක් තිබෙනවා. ඒකෙන් අපි විශාල ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඩිජිටල්කරණයට අපි වේගයෙන් යන්න ඕනේ.” “මේවා හීන නෙමෙයි.. මේවා කළේ නැත්නම් අපි වැටෙනවා. කෘෂි, ධීවර, සංචාරක ව්‍යාපාරය අපි නවීකරණය කරන්න ඕනේ.””අපි බිස්නස්වල ඉන්නේ නැහැ. නමුත් ඒ යාන්ත්‍රණය අපි හදන්න ඕනේ. හමුදාව කරන්න ඕනදේ හමුදාවෙන් දැනුම්දෙයි. මේ සීඝ්‍ර වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ.” “මේ හැම කෙනාටම ඒ දැනුම ලබාදෙන්න ඕනේ. ඕනේ නම් නිවාඩු දෙමු. ගමටම ඒක ව්‍යාප්ත කරන්න ඕනේ. තමන් කැමති නම් ඒ දැනුම ලබාගන්න. දැනුම තිබෙන නිලධාරීන් ට අනාගතයේ අවස්ථාව ලැබෙනවා. මේකේ වාසිය ලබන්නේ අලුත් තරුණ පරපුරට.”

advertistmentadvertistment
advertistmentadvertistment