නීතිය සුරකින හැටි ජනපති පොලිස් සැමරුමේ දී කියයි

185

පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බව අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම ආයතන දෙක ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බව අවධාරණය කළේය.රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් අද (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.පොලිස් උත්තමාචාර පිළිගන්වමින් එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.රාජකාරියේ යෙදී සිටිය දී මිය ගිය ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් “ජනාධිපති පොලිස් වීරතා පදක්කම” පිරිනැමීම සහ පාර්ලිමේන්තු ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අගයමින් සංකේතාත්මකව නිලධාරීන් 30 දෙනෙකු සඳහා ප්‍රණාම සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.පොලිස් වෙබ් අඩවිය සහ “ඊ නිවුස්” පුවත්පත එළිදැක්වීම ද සිදු කෙරුණු අතර පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් මිලියන 100ක මුදලක් අභිනවයෙන් ස්ථාපනය කෙරෙන “නීති සහන අරමුදල” සඳහා පිරිනමමින් අදාළ චෙක්පත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.පොලිස් බටහිර තූර්ය වාදන සංදර්ශනයකින් සහ නිළ සුනඛ සංදර්ශනයකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment