නීති කැඩූ කමිල් මිශාර යළි කැඳවයි

605

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුවේ දැක්වෙන ක්‍රීඩක චර්යාධර්ම පද්ධතියේ නීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ආරම්භක පිතිකරු කමිල් මිශාරව වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට කමිල් මිශාරව ද ඇතුළත් කර නමුත් මේ දක්වා එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි නොවීය.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව, මිශාරට එරෙහිව පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ලබන අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵලය මත ඔහු එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද යන්න තීරණය කරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment