නීති දිවියේ මතකය රන්ඳා

156

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහතාගේ බිරිඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාත් අතර මෙම හමුව පෙරේදා (3දා) සිදුවූයේ ජනාධිපතිවරයාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උත්සවයේදීය. නීතිඥවරු දහසකට අධික පිරිසක් ඊට එක්ව සිටියහ.

සැමරුම් උත්සවයට පැමිණි ජනාධිපතිවරයා නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගනු ලැබීය. ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදුකළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේතජයන්ත, එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, එක්සත් ජාතික පක්‍ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන ක්‍ෂේත්‍රය සහ නීති ක්‍ෂේත්‍රය නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙරට නීති වෘත්තිකයන් පිරිසක් විසින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment