නීති විරෝධීව ආනයනය කළ ගිතෙල් තොගයක් රේගු අත්අඩංගුවට

167

ප‍්‍රභාත් විතාන
 
 ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ගිතෙල් කිලෝග‍්‍රෑම් 1500ක් රේගුව මගින් පෙරේදා (28දා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 කොළඹ 13 ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ සැක සහිත බහාලූ‍මක් ශ‍්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම ගිතෙල් තොගය රේගු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.
 
 අඩි 20 බහාලූ‍මක සිංගප්පූරුවේ සිටින ව්‍යාපාරිකයකු විසින් මෙරට ව්‍යාපාරිකයා වෙත ඉන්දියාවේ කට්ටුපල්ලි නමැති වරායේ සිට පැමිණි වරාඩා නමැති නෞකාවෙන් ගිතෙල් තොගය මෙරටට ඒවා තිබේ. එහි ගිතෙල් කිලෝග‍්‍රෑම් 1500ක් අඩංගු වූ අතර එම ගිතෙල් තොගයේ වෙළඳපොළ වටිනාකම රු. 2,842,500/= බවට තක්සේරු කර තිබේ. මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට අහිමි වීමට තිබූ ආදායම රු. 1,320,000ක් පමණ වන බවද සුදත්ත සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
 
 මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ‍්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට දඩ පැනවීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment