නීති විරෝධීව කෝටි දාහතරක  භාණ්ඩ ගෙනා චීවරධාරියා අත්අඩංගුවට

197

රුපියල් තුන් කෝටි දහ හතර ලක්ෂ හතළිස් දහසක් වටිනා භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි භික්ෂූන්වහන්සේ නමක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ දී 24 දින සවස රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි මෙම හිමිනම තිස්සමහාරාම ප්‍රදේශයේ වැඩවාසය කරන චීවරධාරියෙකි.

මෙම චීවරධාරියා 24 දින සවස 02.20 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්. වයි. – 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එම චීවරධාරියා විසින් රැගෙන ආ ගමන් මලු තුළ රුපියල් අනූ ලක්ෂයක් වටිනා ජංගම දුරකථන 218 ක්, රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 08 ක්, රුපියල් හය ලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි 06 ක්, රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විශාල ප්‍රමාණයේ ගෙල පළඳින මාල 02 ක් සහ රුපියල් හැට දහසක් වටිනා ලැප්ටොප් පරිගණකයක් ද තිබී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩබ්ලිව්. එච්. ජී. ජී. කෝසල මහතා විසින් පැවැත්වූ අතර, මෙසේ නීති විරෝධී ලෙස ගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර, මෙම චීවරධාරියා දඩ නියම කිරීමකින් තොරව නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment