නීති විරෝධී කි‍්‍රයාවල නිරත පොලිස් නිලධාරීන්ට නීතිය තදින් – ඇමැති සරත් වීරසේකර

136

මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ විෂමාචාරී කි‍්‍රයාවන්වල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘දිවයින’ට ඊයේ (01දා) පැවැසීය.

විවිධ නීති විරෝධී කි‍්‍රයාවන්වල නිරතවෙමින් සිටින පොලිස් නිලධාරීන් පිරිසක් මේ වනවිටත් හඳුනාගෙන සිටින බව පැවසූ සරත් විරසේකර මහතා එම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය කි‍්‍රයාමාර්ග මෙන්ම දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව ද කීය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කරන නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම ජාවාරම්වලට ද සම්බන්ධවී සිටින බවට තොරතුරු මේ වනවිට ලැබී ඇත.

මෙම නිලධාරීන්ගේ කි‍්‍රයා කලාපය මත්ද්‍රව්‍ය මර්දනයට විශාල බාධාවක්වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන

 

advertistmentadvertistment
advertistmentadvertistment