ග්‍රහ ලොව සෙන්පති සුකොමල සිකුරුගෙ නිවසට!

1000

නීති වෙනස් වේ – මැති ඇමැති බලතල යළි සමාජගතවේ

2022 අගෝස්තු මස 10 වන බදාදා රාත්‍රී 9.10 ට කුජ වෘෂභ රාශිගතවේ. ග්‍රහ ලොව සෙන්පති සිකුරුට අයත් වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වීම සමාජ විෂමාචාර ඉහළ යෑමට හේතු වනු ඇත. එය ආරෝහපරිනාහ දේහ ඇති අයකු ස්ත්‍රී නේවාසිකාගාරයකට ඇතුළු වූවාසේය. මුදල් මත බොහෝ දේ තීරණය වනු ඇත. කෙසේ වෙතත් 2022 පෙබරවාරි 26 වැනිදා කුජ මකර රාශියට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඇතිවූ ජන කැලඹිලි ස්වභාවය ක්‍රමිකව වියැකී යනු ඇත. කුජ උච්ඡ හා ස්වක්‍ෂෙත්‍ර රාශි පසුකර වෘෂභයට පැමිණීම අරගලකාරී මානසිකත්වය අත්හැර විනෝදවීමට දරන උත්සාහයක් පෙන්වයි.

බහුතර ජනතාවත් විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ, මත්පැන් ආදියට කාලය ගතකරන බව පෙනී යයි. මෙසේ හෙයින් ජනතාව ක්‍ෂණික කෑකෝ ගැසීම්වලට එක් වුවද පොදු අරමුණකට එකතු නොවනු ඇත. කෙසේ වෙතත් 2023 ජනවාරි 17 තෙක් ලක්වාසී සැමට යම් දුෂ්කර කාලයක් ගතකිරීමට සිදුවීම නොඅනුමානයි.

ක්‍රීඩා, කලා ක්‍ෂේත්‍රවල ඉහළ යෑමක් දක්නට ලැබේ. ප්‍රබල දේශපාලනික වෙනස්කම් සිදුවන කාලයකි. එනම් පසුගිය කාලය පුරා යටපත්ව තිබූ දේශපාලන ක්‍රියාකාරකම් යළි ඇරඹේ. දේශපාලනික උත්සව මාධ්‍ය හරහා යළි දකින්න ලැබෙනු ඇත. එනම් ඇමැති රාජ්‍ය ඇමැති නියෝජ්‍ය ඇමැති හෝ ඒ ආශ්‍රිතව ක්‍රියාවිරහිතව තිබූ ඇමැති තනතුරු යළි පිපෙනු ඇත. ඉහළ ඇතැම් තනතුරුවල යම් වෙනසක් සිදුවේ. රාජ්‍ය බලය යළි ස්ථාපිත කෙරේ. අමාත්‍යවරු සහභාගි වන උත්සව ආදියට යළි සෙනග ඇදෙනු ඇත. පසුගිය කාලය පුරා නොතිබූ උත්සව ආදිය යළි දක්නට ලැබෙනු ඇත.

 ප්‍රබල කලාකරුවකුගේ නික්ම යෑමක් සටහන් වනු ඇත. රට තුළ යම් දේශපාලන අස්ථාවර බවක් පැවතිය ද සැවොම තුළ පවතින අවිනිශ්චිතතාවත් සමග සටන්කරුවෝ විසිර යනු ඇත. පක්‍ෂ අභ්‍යන්තර සාමය දෙදරා යන කාලයකි. බොහෝ පක්‍ෂවල ගැටලු ගැටුම් එළිපිටම වුව සිදුවිය හැක. නව නීති අණපනත් ක්‍රියාවට නැංවේ. ඉතිරිකිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අගනේය. සෑම පුරවැසියකුම ඉදිරි මාස 6ක් පිළිබඳව තම පෞද්ගලික සැලසුම් තබාගැනීම වටිනු ඇත.

ග්‍රහ ලොව සෙන්පති සුකොමල සිකුරුගෙ නිවසට!

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී  – වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක
දු.අංකය – 077-8995353

advertistmentadvertistment
advertistmentadvertistment