නීතීඥවරයාට තර්ජනය කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක්

560

අධිකරණමය කටයුත්තකට අදාල මෝෂන් පිටපතක් බාරදීමට පසුගිය 17 වැනි දින මොනරාගල පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ  ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයට ගිය නීතීඥවරයාට බැන තර්ජනය කළ බව නීතීඥ බී.කේ. තුෂාර දර්ශන වීරසිරි මහතා පවසයි.

එම සිඳුවීම සම්බන්ධ ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයට ලිඛිතව දැනුම් දීමෙන් පසු එම සංගමය ශී‍්‍ර ලංකා පොලිස් නීති කොට්ඨාස අධ්‍යක්ෂ අජිත් රෝහණ මහතාට දැනුම් දී ඇතැයි පැවසේ. මේ සම්බන්ධ නීතීඥවරයා මොනරාගල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඔහු සහකාර පොලිස් අධිකාරී එස්.පී.කේ. ගාල්ලගේ මහතාට විධිමත් පරීක්ෂණයක් සිඳු කරණ ලෙස නියමකර තිබේ.

බිබිල – ජේ. රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment