ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ටේ්රලියාවේ සිඩ්නි අධිකරණයේ විභාග වන නඩුවට පෙනී සිටින නීතිඥයන් වෙනුවෙන් වැයකරන සියලු මුදල් ඉදිරියේ දී ඔහුගෙන්ම නැවත අයකර ගන්නා බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් දොස්තර අමල් හර්ෂ ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවසීය.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඔස්ටේ්රලියාවේ පදිංචි ශ්‍රී ලාංකික නීතීඥවරුන් මෙන්ම එරට නීතිඥවරුන් ද පෙනී සිටින අතර ඔවුන් වෙනුවෙන් විශාල නීතීඥ ගාස්තුවක් ගෙවීමට සිදුවී ඇති බවද ඒ මහතා කියා සිටියේය.
නෝමන් පළිහවඩන