නුවන් තුෂාරටත් කොවිඞ්

140

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරය ස`දහා නම් කරනු ලැබ සිටි වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් තුෂාරට කොවිඞ් ආසාදිත බවට වාර්තා වී ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 ඔස්ටේ‍්‍රලියානු සංචාරය ඉලක්ක කර ජෛව ආරක්‍ෂක බුබුළ යටතේ රැුඳී සිටින නුවන් තුෂාර සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ ඩිල්ෂාන් ෆොන්සේකාටද කොවිඞ් ආසාදිත බව එම නිවේදනයේ දැක්වේ.

 ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග 5කින් යුත් පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියක් ස`දහා අනිද්දා (03 දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඔවුන් දෙදෙනා පෙබරවාරි 10 වැනිදා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවද එම නිවේදනයේ සදහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment