නුවරඑලියට මල්තුහින

354

නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම 22 දින අලූයම මල්තුහින පතිත වී තිබිණි. සෑම වසරකම නත්තල් සමයේ නුවරඑලියට මල්තුහින පතිත වන අතර 21 දින නුවරඑලිය බ්ලැක්පූල් ප‍්‍රදේශයේ එලවළු වගා ගොවිපලක සහ ඊට ආසන්නයේ පිහිටි තේ වත්තට මල්තුහින පතිත වී තිබිණි. මල්තුහින පතිත වීමත් සමග නුවරඑලිය ප‍්‍රදේශයේ 21 දින අලූයම දැඩි සීතල කාලගුණයක් පැවති අතර මල්තුහින පතිත වීමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවට සහ මල් වගාවට දැඩි බලපෑමක් එල්ල කරන බවයි නුවරඑලිය ප‍්‍රදේශවාසින් පවසන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment