නුවරඑලියේ ස්ට්‍රෝබෙරි බෙරි වෙයි… ගොවීන් වගාවෙන් ඉවතට

406

නුවරඑලිය සීත දේශගුණයට හිතකර වූ බහුදේශීය පළතුරක් වශයෙන් හඳුන්වන ස්ට්‍රෝබෙරි වගාවට නිසි වෙළඳපොලක් සහ ස්ට්‍රෝබෙරි වගාවට යොදන රසායනික පොහොර නොමැති වීම නිසා එම වගාවෙන් ඉවත් වී එලවළු වගාවට යොමු වීමට ස්ට්‍රෝබෙරි වගාකරුවන් තීරණය කර ඇත.

නුවරඑලිය නගරය ආශ‍්‍රිතව මාගස්තොට, සිතාඑලිය, මීපිලිමාන යන ප‍්‍රදේශවල ස්වයං රැුකියාවක් වශයෙන් ගොවියන් විශාල පිරිසක් සහ වාණිජ වශයෙන් කිහිප දෙනෙකුම ස්ට්‍රෝබෙරි වගාවේ මේ වන විට නිරතව සිටිති. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර් පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලිය ප‍්‍රදේශයට නොපැමිණිම හේතුවෙන් නැවුම් ස්ට්‍රෝබෙරි අලෙවිය, ස්ට්‍රෝබෙරි ආශ‍්‍රිත නිෂ්පාදන සහ තමන්ගේ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වය හමුවේ ඵලදාවට දැඩි ලෙස හානි සිදු වී ඇති බවයි ස්ට්‍රෝබෙරි වගාකරුවන් කියා සිටියේ. ස්ට්‍රෝබෙරි වගාවෙන් නිෂ්පාදිත ජෑම්, අයිස්ක‍්‍රීම්, කැරමල්, පිට්සා සඳහා දැඩි ඉල්ලූමක් එවක පැවතීම හමුවේ ස්ට්‍රෝබෙරි වගාකරුවන් තම වගාවලින් හොඳ ආදායමක් උපයා ගත් අතර, වර්තමානයේ එම වගාව හුදෙක්ම නුවරඑලිය ප‍්‍රදේශයට ආවේනික වූ කුරුලූ විශේෂයන්ට ආහාරයක් පමණක් වී ඇති බවයි එම වගාකරුවන් කියා සිටින්නේ.

නුවරඑලියේ ස්ට්‍රෝබෙරි වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදී සිය ස්ට්‍රෝබෙරි වගාව සඳහා නිසි වෙළඳපොලක් සකස් කරදෙන ලෙස නුවරඑලිය ස්ට්‍රෝබෙරි වගාකරුවෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment