නුවරඑළියෙන් කොළඹ එන නත්තල් ගස් අඩුවෙලා

187

මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නුවරඑළියේ සිට කොළඹට ප්‍රවාහනය කරන නත්තල් ගස් සැපයුම විශාල ලෙසින් අඩුවක් දකින්නට තිබෙන බව නුවරඑළිය අඩවි වනනිලධාරී උදය කුමාර මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

මෙම නත්තල් ගස් ප්‍රවාහනය කොරෝනා වසංගත සමයේ පවා මේ ආකාරයට අඩුවක් දකින්නට ලැබුණු බවද මෙවර මේ වනතෙක් නත්තල් ගස් කැපීම සඳහා බලපත්‍ර පවා ලබාගෙන නැති බවද හෙතෙම පැවසීය.

ප්‍රවාහන වියදම් විශාල වශයෙන් වැඩිවීම මෙන්ම පවතින ආර්ථිකමය තත්ත්වය අනුව නත්තල් ගස් (ෆයිනස්) අලෙවි කරන මිල ගණන් ද තුන්හතර ගුණයකින් වැඩි විය හැකි නිසා නත්තල් ගස් සැපයීම ඉදිරියේ දී බොහෝදුරට අඩුවිය හැකි යැයි ද අඩවි වනනිලධාරිවරයා පැවසීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment