නුවරඑළියේ ආසාදිත සංඛ්‍යාව 10121 දක්වා ඉහළට

521

නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් පසුගිය පැය 24 ක කාලය තුළදී නව කොවිඞ් ආසාදිතයන් 95 දෙනකු හමුවීමත් සමග නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගණන 10121 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය සෞඛ්‍ය අංශ නිලධාරියකු පැවසීය.

 මෙම නව ආසාදිතයන් අඹගමුව, කොටගල, මස්කෙළිය, රාගල, නව තිස්පනේ, වලපනේ යන සෞඛ්‍ය වෛද්‍ය බල ප‍්‍රදේශවලින් හමුව ඇති බවත්, එම ආසාදිතයන් කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. මෙසේ අලූතින් හමුවූ ආසාදිතයන්ගේ

 ආශ‍්‍රිතයන් සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත්, එසේ සොයා ගන්නා ආශ‍්‍රිතයන් ස්වයං නිරෝධායනයට ලක්කර එම පිරිස් පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගන්නා බවත්, මේ වනවිට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සමස්ත කොවිඞ් ආසාදිත මරණ 198 ක් වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදී.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment