නුවරඑළියේ ගිය යුවළ කාමරය ඇතුළේ මියයති – ‘බාබකියු’ උදුන ගැන සැකයක්

1015

නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරකයක් සඳහා පැමිණි අඹුසැමි යුවළක් නුවරඑලිය කලූකැලේ ප‍්‍රදේශයේ නවාතැන්පළක කාමරයක දී ඊයේ (27 දා) අලූයම මියගොස් ඇති බව නුවරඑලිය පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කුරුණැගල, ගොකරැුල්ල, නැකන්න ප‍්‍රදේශයේ පදිංචි එච්. එම්. ඒ. කේ. හේරත් (59) සහ එම්. ඒ. එම්. එන්. මොලගොඩ (58) යන අයයි.

කුරුණෑගල ගොකරැුල්ල ප‍්‍රදේශයේ සිට නුවරඑලිය කලූකැලේ ප‍්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පළට පැමිණි මිය ගිය අඹුසැමි යුවළ පවුලේ සාමාජිකයන් සමග පැමිණ 26 වැනිදා මධ්‍යම රාත‍්‍රිය තෙක් නවාතැන්පළේ ‘බාබකියු’ උදුනෙන් මස් පුළුස්සා අනුභව කිරීමෙන් අනතුරුව එම අඹුසැමි යුවළ නුවරඑලිය ප‍්‍රදේශයේ පවතින අධික සීතල කාලගුණයත් සමග බාබකියු උදුන සිය කාමරය වෙත රැුගෙන ගොස් තබා නින්දට ගොස් ඇත.

මිය ගිය අඹුසැමි යුවළ ඊයේ (27 දා* අලූයම අවදි නොවීම නිසා පවුලේ සාමාජිකයන් ඔවුන් දෙදෙනා රැුඳී සිටි කාමරය විවෘත කර බලන අවස්ථාවේ දෙදෙනාම මියගොස් සිට ඇති බව දැක ඇතැයි පොලිසිය පැවසුවේය.

‘බාබකියු’ උදුනේ පිටවන විෂ දුමාරය ආඝ‍්‍රාණය වීමෙන් දෙදෙනා මිය යන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැක කරයි.

නුවරඑලිය මහෙස්ත‍්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment