නුවරඑළිය ආර්ථිකයට එළවළු ලැබීම හොඳටම අඩුවෙයි

266

නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම විශාල වශයෙන් අඩුවී ඇති බවත් මේ නිසා නත්තලට අවශ්‍ය එළවළු සැපයීම සම්බන්ධයෙන් විශාල ගැටලූවක් මතුවී ඇති බවත් නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත මහතා පැවැසීය.

බ්‍රොකලි, සුකිනි, සැල්දරි, මල්ගේා්වා, සලාද කොළ, බේල් පේපර් වැනි උත්සවවලට බහුලව භාවිත කරන එළවළු හිඟයක් මතුව ඇති බවද ඒ නිසා එවැනි එළවළුවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවද ඒ මහතා කීවේය.

එළවළු සැපයුම 15% ක් දක්වා අඩුවෙලා. වෙනදාට දවසට එළවළු තොග ලක්‍ෂ කිලෝ දෙක හමාරක් වගේ සැපයුවත් දැන් කිලෝ විසිපන්දාහක්, හතළිස්දාහක් වගේ තමයි සපයන්නේ. කැරට්, ලීක්ස්, ගෝවා වගේ හැම එළවළුවක්ම ගිනි ගණන්. මේ පොහොර

ගැටලූවත් එක්ක ගොවීන් වගේම වෙළෙන්දනුත්, පාරිභෝගිකයනුත් අමාරුවේ වැටුණා යැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම දඹුල්ල, වේයන්ගොඩ, පෑලියගොඩ මැනිං ඇතුළු බොහෝ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු සැපයීමද පහත වැටී ඇති බවත් එළවළු මිල ඉහළ

ගොස් ඇති බවත් එම ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සංගම් පැවසූහ.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment