වසන්ත සැණකෙළිය මළ කෙළියක් වෙයි

1100


නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියේ කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන සැණකෙළි භූමියේදී එහි අයිතිකරු හා ඔහු ගෝලබාලයන් විසින් ගම්පහ සිට පැමිණි පුද්ගලයකු සහ ඔහුගේ ගැබිණි බිරිඳට අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් එම පුද්ගලයා නුවරඑළිය මහ රෝහලේ දැනට ප්‍රතිකාර ලබයි.

ඔහුගේ බිරිඳද එදින නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය විසින් සිය කැමැත්තෙන් රෝහලෙන් බැහැරව ගොස් ඇත. පහර කෑමට පත් ගම්පහ සිට පැමිණි පුද්ගලයාගේ නාසය කැඩී ඇති අතර, ඔහුට ඊයේ (18) දින ශල්‍යකර්මයක් සිදුකළ බව නුවරඑළිය රෝහල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ශෂික ලේකම් ආරච්චි වන අතර, ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිවයිනට ප්‍රකාශ කර සිටියේ ඔහු හා ඔහුගේ ගැබිණි බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ 15 වෙනි දින රාත්‍රී 8.30ට පමණ නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරි භූමියේ පිහිටි කාර්නිවල් සංදර්ශන භූමියට ගිය බවත්, ඔහු හා සිය පවුල මෙරිගොරවුන්ඩ් එකේ යාමේ බලාපොරොත්තුවෙන් පෝලිමේ සිටි බවත්, එසේ සිටියදී කාර්නිවල් අයිතිකරු යැයි කියාගන්නා පුද්ගලයෙකු හා එහි සේවය කරන පුද්ගලයින් කිහිප දෙනෙක් ඒ අසල සිටි තරුණයෙකුට පහරදුන් බවත් එම පහරදුන් පුද්ගලයා තමා වෙත දිවඇවිත් බේරා ගන්නා ලෙස ඉල්ලා සිටි බවතය,

එම නිසා ඔහු විසින් එසේ පහරදුන් පුද්ගලයින්ට එම තරුණයාට පහර නොදෙන ලෙස කිවූ සැණින් තමාට හා තම ගැබිණි බිරිඳට බිම දමාගෙන අමානුෂික ලෙස පහරදුන් බවයි. මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට පැමිණිළි කළද මේ දක්වා කිසිදු සාධාරණයක් ඉෂ්ඨ වෙලා නැහැ. තමාගේ කටඋත්තර ගැනීමට පැමිණි පොලිස් නිලධාරියා ප්‍රකාශ කර සිටියේ තමාට ටිකට් කපාගෙන එන්න කියාලයි. එම නිසා පොලිසියේ සාධාරණත්වය මා බලාපොරොත්තු වෙනවා.

ඉන්පසු 1990ට ඇමතු පසු ඔහු හා බිරිඳ රෝහල් ගත කළ බවයි. නමුත් ඔහුගේ අනෙක් පුතා කුඩා අවධියේ සිටින නිසා බිරිඳ විසින් ටිකට් කපාගෙන ගිය බවයි. ඔවුන් විසින් පසුගිය 15 වෙනි දින සවස නුවරඑළිය රෝහල් පොලිසිය වෙත පැමිණිළි කළද මේ දක්වා කිසිදු සාධාරණයක් ඉෂ්ඨ නොවූ හෙයින් නුවරඑළිය ළමා හා කාන්තා කාර්යාංශයේ ද යළි පැමිණිල්ලක් කළ බවයි. මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියෙන් කළ විමසීමේදී නුවරඑළිය පොලිස් ස්ථානය විසින් ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් පරික්‍ෂණයක් සිදුකරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment