නුසුදුසු නිසා හරවා යැවූ පෝර නැව ආපසු එනවා – සජිත් පේ‍්‍රමදාස

90

‘සෞභාග්‍යයේ දේශය’ ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට ‘කසළ දේශයක්’ ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

රටට නුසුදුසු බවට වාර්තාවලින් තහවුරු කළ පොහොර නැව ආපසු හරවා යවන බව ආණ්ඩුව පැවසුවත් ඒ කසළ සහිත රටට නුසුදුසු පොහොර නැව නැවතත් ලංකාවට එමින් තිබෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

අද වනවිට ආණ්ඩුව විසින් මේ රටේ සමස්ත ජනතාවම අතිශය දුෂ්කර අඩියකට තල්ලූ කොට ඇති බවත් ජනතාව මේ තරමට පීඩාවට පත්කිරීමට හේතුව තුනෙන් දෙකක බලයක් ලබා දීම ද, නැත්නම් විධායක ජනාධිපති ධුරය ලබාදීමදැයි තමන් ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන බව ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (16දා) තිස්සමහාරාම රන්මිණිතැන්න ගොවියන්ගේ ගැටලූ විමසන ගොවි හදගැස්ම වැඩසටහනට එක් විය.

පළමුව කොහොඹගහ පැළැස්ස ශ‍්‍රී සුබෝධාරාම විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා එහි විහාරාධිපති අත්බටුවේ හේමාලෝක නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගෙන අනතුරුව ප‍්‍රදේශයේ ගොවි ගැටලූ විමසන ගොවි හදගැස්මට එක්වූ අතර එහිදී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කරනු ලැබීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි, පළාත් සභා මන්ත‍්‍රී ලාල් චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැුසක් මෙන්ම ප‍්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජීවන වියදම දිනෙන් දින උත්සන්න වෙමින් ජනතාවට දරාගත නොහැකි තරම් අසරණ අඩියකට පත් වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, අනෙක් අතට මේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවද ව්‍යසනකාරී අඩියකට තල්ලූ කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment