නෙගෙටිව් – පොසිටිව් – නෙගෙටිව් – පෞද්ගලික රෝහල් පී. සී. ආර්. වැඩ පරීක්‍ෂා කරන්නැයි මැණික් ව්‍යාපාරිකයෙක් උසාවි යයි

420


* ලක්‍ෂ 100 ක වන්දියකුත් ඉල්ලයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් විසින් සිදු කරනු ලබන පී. සී. ආර්. පරීක්‍ෂණ සහ ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණ (රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ* සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් නිසි නියාමනයක් සිදුකරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප‍්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු වන ෂෙල්ටන් ජයමාන්න මහතා ඊයේ (06 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මේ වනවිට විදේශගතවී සිටින ඒ මහතා වෙනුවෙන් ඔහුගේ ඇටෝර්නි බලකරු වන සතිස් රංගජීව මහතා නීතිඥ සුනිල් වටගල මහතා මගින් එම පෙත්සම ගොනුකර තිබිණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම, එහි සභාපතිවරයා ගුවන් සේවා හා ගුවන්තොටුපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi හේමන්ත හේරත්, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂම (කවුන්සලය) සහ නීතිපතිවරයා නම් කර ඇත.

ශී‍්‍ර ලංකාව හා මැඩගස්කරය මුල්කරගෙන මැණික් ව්‍යාපාරයේ යෙදෙන තමන් 2018 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින බවත් ශී‍්‍ර ලංකාවේ ජීවත් වන සිය පුත‍්‍රයාගේ විවාහ මංගල්‍ය සඳහා පසුගිය අගෝස්තු අටවැනිදා සිය බිරිඳ සමග ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් ඔහු සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.

එලෙස ශී‍්‍ර ලංකාවට පැමිණි තමන් 2021.09.08 වැනිදා ඩුබායි රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාරික හමුවක් සඳහා යෑමට නියමිතව තිබූ බැවින් පෙර දින කොළඹ නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරීක්‍ෂණ දෙකක් රුපියල් 6,500 බැගින් ගෙවා සිය බිරිඳ හා තමන් සිදුකරගත් බවත් එකී වාර්තා අනුව තමන් දෙදෙනාම කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වීම නිසා විදේශගතවීම සඳහා 2021.09.08 අලූයම කටුනායක ගුවන්තොටුපළට ගිය බවත් සඳහන් කර තිබිණි. එහිදීම ගුවන්තොටුපළ බලධාරීන්ගේ අනුදැනුම මත එක්තරා පෞද්ගලික රෝහලක සේවය කරන කාර්ය මණ්ඩලයක් විසින් තමන් දෙදෙනාගෙන් රුපියල් 7500 බැගින් අයකර නැවත ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණ සිදුකළ බවත් ඉන් ලැබුණ වාර්තා අනුව තමන් කොරෝනා ආසාදිතයකු බව දැනගන්නට ලැබුණ බවත් පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබිණි. එම පරීක්‍ෂණය සිදු කිරීමට පැය කිහිපයකට පෙර නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් ලබාගත් පී. සී. ආර්. පරීක්‍ෂණ වාර්තා ගුවන්තොටුපළ බලධාරීන්ට ඉදිරිපත් කළ තමන් සිය වියදමින් නැවත පරීක්‍ෂණයකට ලක්කරන ලෙසට ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ගුවන් යානයට පිවිසීමට අවසර ලබානොදීම නිසා මුලින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකළ පෞද්ගලික රෝහලට පැමිණ නැවත පී. සී. ආර්. පරීක්‍ෂණයකට ලක්වුවත් තමන් කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවද පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබිණි.

ඒ අනුව ගුවන්තොටුපළේදී පී. සී. ආර්. පරීක්‍ෂණය සිදුකළ රසායනාගාරය හිමි පෞද්ගලික රෝහලට පැමිණ නැවත පී. සී. ආර්. පරීක්‍ෂණයක් සිදුකළ බවත් තමන් කොරෝනා ආසාදිතයකු බවට එම රෝහල වාර්තාවක් නිකුත් කරනු ලැබුවේ පෙර සිදුකළ පරීක්‍ෂණයේ පරිගණක දත්ත පරීක්‍ෂා කිරීමෙන් බවට සැක පහළ වන බවත් පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබිණි.

එකී කි‍්‍රයාකලාපය නිසා වීසා බලපත‍්‍රය අලූත් කර ගැනීම ඇතුළු කටයුතු සඳහා අනවශ්‍ය වියදමක් දැරීමටත් ව්‍යාපාරික කටයුතුවලින් අතිවිශාල පාඩුවක් විඳීමට සිදුවූ බවත් සඳහන් කර තිබූ පෙත්සම්කරු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්‍ෂ 100 ක වන්දියක් අයකර දෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූ ප‍්‍රවෘත්තිවලට පිළිතුරු දෙමින් යම් අතපසුවීමක් සිදුවී ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇතත් පෞද්ගලික රෝහල් මගින් සිදුවන එවැනි අතපසුවීම් පිළිබඳව මේ දක්වා නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද අධිකරණයට පැවසූ පෙත්සම්කරු එකී නොසැලකිල්ල නිසා තමන්ට අමතර දින 14 කට අධික කාලයක් ශී‍්‍ර ලංකාවේ රැුඳී සිටීමට සිදුවූ බවද දන්වා තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, පෞද්ගලික රෝහල් සේවා නියාමන කවුන්සලය ඇතුළු බලධාරීන් පෞද්ගලික රෝහල් මගින් සිදුකරනු ලබන කටයුතු සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදුකිරීමට අපොහොසත් වීමෙන් තමන් ඇතුළු පිරිසට මෙවැනි අනිසි හිරිහැරවලට මුහුණ දීමට සිදුවී ඇතැයි ද පෙන්වා දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment