නෙතඟට කඳුළු ගෙන දී දෙවෙනි තරගයත් පරදී

402

කොළඹ අර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව සහ රූපවාහිනී මාධ්‍යයෙන් තරගය නරඹමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ නෙතගට කදුළු ගෙන දෙමින් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර ඊයේ (08 වෙනිදා) පැවති දෙවෙනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 03 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ සමත් වූහ.

සිය දකුණත් දඟ පන්දුවේ ශක්තිය සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම හමුවේ ප්‍රදර්ශනය කළ වනිදු හසරංග ශ්‍රී ලංකාවට නොතිබූ ජයග්‍රහණයක් ගෙන දීමට උත්සාහ කළද මැතිව් වේඩ් නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් ඕස්ටේ්‍රලියා ජයග්‍රහණය කරා රැගෙන ගියේය. වනිදු හසරංග ලකුණු 33කට කඩුලු හතරක් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් දවා ගත් හ.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ඔස්ට්‍රියානු නායකයා කළ ආරාධනය පරිදි පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී රැස් කර ගත් ලකුණු 124 පන්දු වාර 2ක් සහ එක් පන්දුවක් තුළ කඩුලු 07ක් දැවී ඉක්මවා යාමට ඔවුහු සමත් වූහ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක ඔස්ට්‍රලියා කණ්ඩායමට හැකි විය.

ඕස්ටේ්‍රලියා කණ්ඩායම වෙනුවෙන් නැවත වතාවක් දක්ෂ පිතිහරඹයක නිරත වුණු ඩේවිඩ් වෝනර් ලකුණු 21 කට දුවද්දී දවා ගැනීමට පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් සමත් වූයේය.

ඒ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් සැනසීමක් ගෙන දෙමින් ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් ලකුණු 24කටත්, මිචෙල් මාෂ් ලකුණු 11කටත් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වූයේය. අනතුරුව ක්‍රියාත්මක වූ නුවන් තුෂාර ස්ටීවන් ස්මිත් ගේ කඩුල්ල ලකුණු 5කට දවා ගැනීමට සමත් වූ අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දැවී ගියේ ඉන් අනතුරුවය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක ලකුණු 39ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහු පන්දු 33 කදී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එල්ල කර ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ජීවය එක් කිරීමට සමත් වූයේය.

කුසල් මෙන්ඩිස් පන්දු 36කදී ලකුණු 36ක් ලබා ගෙන සිටියදී පිත්ත කඩුල්ලේ වැදීමෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.මෙන්ඩිස් සිය ඉනිම සඳහා හතරේ පහර 2ක් සහ එක් අලංකාර හයේ පහරක් ඇතුළත් කරගෙන තිබිණි.

ආරම්භක පිතිකරු යුගලය වූ ධනුශ්ක ගුණතිලක ලකුණු 4කටත්, ලකුණු අතර සිටින පැතුම් නිශ්ශංක ලකුණු 3කටත් දවාගැනීමට ග්ලේන් මැක්ස්වල් සහ ජේ.රිචර්ඩ්සන් සමත් වූයේය. ජේ රිචර්ඩ්සන් මිචෙල් ස්ටාර්ක් ගේ ස්ථානය වෙනුවෙන් කැඳවා තිබුණු අතර කණ්ඩායම් දෙකේම සිදු කර තිබූ එකම වෙනස්කම එය පමණක් විණි.

ජයග්‍රහණය හඹාගිය ඕස්ටේ්‍රලියා කණ්ඩායම වරෙක කඩුලු 5ක් දැවී ලකුණු 80ක් ලෙස ලකුණු පුවරුව සටහන් විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව – 124/9

චරිත් අසලංක 39, කුසල් මෙන්ඩිස් 36,දසුන් ශානක 14

පන්දු යැවිම

කේ.රිචර්ඩ්සන් 30/4,ජේ.රිචර්ඩ්සන් 26/3,මැක්ස්වල් 18/2

ඕස්ටේ්‍රලියාව – 126/7

ඒරන් ෆින්ච් 24, ඩේවිඩ් වෝනර් 21,මැතිව් වේඩ් නොදැවී 26

පන්දු යැවීම

වනිඳු හසරංග 33/4,දුෂ්මන්ත චමීර 31/1, නුවන් තුෂාර 18/1

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment