නෙත්මිගේ පිතිහරඹයෙන් කොළඹට ජය

196

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් බාලිකා යූත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ දකුණ කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත් වූවාය.

 අවසාන මහා තරගයේ දී ගාල්ල කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් ඔවුහු ශූරතාවය දිනා ගත්හ.

 එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 81 ඉලක්කය හඹා ගිය කොළඹ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි නෙත්මි සේනාරත්න නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තාය.

 පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් නවෝද්‍යා ජයසිංහ ලකුණු 18 කඩුලු තුනක්ද තරුෂි ප්‍රනාන්දු ලකුණු 15 ට කඩුලු දෙකක් ද දවාගනිමින් ගාල්ල කණ්ඩායම ලකුණු 81 කට සීමා කිරීමට දායකත්වය සැපයූහ.

advertistmentadvertistment
advertistmentadvertistment