නෙත් අඳ දෙමව්පියන්ට කඳුළු ඉතිරි කර අබිරහසක් සඟවා නික්ම ගිය සමනලිය! – ජයනි යක්‍ෂයන්ට බිලිවුණාද? – දිවි තොර කරගත්තාද?

2046

මනාලියක වූදා

 අනේ අපේ  දුවට වාගේ විපතක් ලෝකයේ කිසිම දැරියකට සිද්ධ  වෙන්න එපා

 ‘‘අම්මේ තාත්තේ කිසිදේකට බය වෙන්න එපා’’’ මගේ ලෝකය ඔබලායි’ මම රක්‍ෂාවක් කරලා අවුරුදු 5ක් යනතුරු කවුරු කතා කළත් විවාහ වෙන්නේ නැහැ’ ණයවෙලා හදාගත්තු ගෙයි ණය බේරනවා’ ඇස් දෙක වාගේ අම්මයි තාත්තවයි ආරක්‍ෂා කරනවා’’’’’ ඇය නිතර නිතරම කීවාය

 කොරෝනා වසංගතය යෞවන යෞවනියන්ගේ  හා තරුණ පරම්පරාවේ ප‍්‍රාර්ථනා උඩුයටිකුරු කර ඇත. ළමා වියේදීම ගුවන්විදුලියේ රූපවාහිනියේ රංග ශාලිකාවේදී ගායන, වාදන, රංගන, ක්‍ෂේත‍්‍රයන් තුළ පෙළහර පාමින්ද උසස් අධ්‍යාපනය ලබන ලද ඉතා අහිංසක සුරූපී යෞවනියක සිය ජීවිතයේ දෙවන දශකය ලබන්නට ප‍්‍රථම සිය සිහින ප‍්‍රාර්ථනාවන් තිබියදීම හදිසියේ රාගයේ යක්‍ෂයාට හසුව අකාලයේ භයංකාර මරණයට ගොදුරු වී තිබේ.

නෙත් අඳ දෙමව්පියන්ට කඳුළු ඉතිරි කර අබිරහසක් සඟවා නික්ම ගිය සමනලිය! - ජයනි යක්‍ෂයන්ට  බිලිවුණාද? - දිවි තොර කරගත්තාද?



 ඒ කඳුළු කතාව මෙයයි ඇය ජයනි නිසංසලා කුමාරි ය. ඉපදුණේ 2002 දීය. අම්මා මානෙල් සිරියලතායි. තාත්තා අනුර ශාන්ත කුමාර ය. මේ දෙදෙනාම උපතින් දෘෂ්‍යාබාධිතය. සීදුව වෘත්තීය පුහුණු ආයතනයේදී හඳුනාගෙන එහි ගුරුවරුන් හා ගුරු මෑණිවරුන්ගේ ආශිර්වාදය ඇතුව විවාහ ජීවිතයට ඇතුළත් වූ මේ දෙදෙනාගේ ලෝකය තුළ වූ අන්ධකාරය තුරන් කළ චන්ද්‍ර මණ්ඩලය වූයේ ජයනී ය. ජයනී නෙත් අන්ධ යුවළගේ දෙවැනි දරුවා ය. ඇයට සොහොයුරෙකුද විය. නෙත් අන්ධ මානෙල් හා අනුර සීදුව වෘත්තීය පුහුණු

 මධ්‍යස්ථානයේ දී ලබාගත් පුහුණුව උපයෝගී කර ගනිමින් හඳුන්කූරු නිෂ්පාදනය කර අලෙවි කිරීම සිය ජීවනෝපාය කරගත් අතර මේ කාර්යයේදී ජයනි සිය දෙමාපියන්හට විශාල ශක්තියක් ලබා දුන්නාය. ඇය දුව පැන ඇවිදින අවධියේදීම යාන්තම් බහ තෝරන විටදීත් උපතින් ලද විශේෂ දක්‍ෂතාවන් රාශියක් ප‍්‍රගුණ කරන්නට වූවාය. ජයනි පදිංචිව සිටියේ ගම්පහ, උඩුගම්පොළ කුලී නිවසකය. ඇය පෙර පාසල් ගියේ එහි සිටය. දිනක්

 ජයනිගේ අම්මා, ගම්පහ ප‍්‍රදේශයේ ජනදුක හඳුනන දේශපාලකයකුට සිය දුක හෙළි කළාය. ‘‘අනේ ඇමැතිතුමනි… මහත්තයගෙයි මගෙයි ඇස් අන්ධයි. හඳුන්කූරු විකුණලා මේ දරු පැටවු දෙන්නා හදා ගන්නට දුක් විඳිනවා. කුලී නිවසේ කුලිය ගෙවා ගන්නත් බැරිව හිරවෙලා. අපිට උපකාරයක් ලබා ගන්නයි ආවෙ…’’ ‘‘මම උදව් කරනවා. දැරියගේ හිස අත ගාමින් හොඳින් ඉගෙන ගන්න දුවේ…’’ යැයිද ආශිර්වාද කළේය. ‘‘මම ගේ අලූතින් හදාගන්න උපකාර කරන්නම්’’ යැයි ඔහු කීය. එදින සිට ජයනිගේ නව නිවහන වූයේ එම නිවසයි. ඔවුන්ගේ දුකට ළය උණු වූයේ ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ බව කිව යුතුය.

 ‘‘ඇමැති මාමා අපිට කළ උපකාරය හොඳටම ඇති. අපි ගේ හදාගනිමු… තව තව කරදර කරන්න යන්න එපා අම්මේ…’’ ජයනි අම්මාට කීවාය. දැන් ජයනි පෙර පාසලෙන් සමුගෙන උඩුගම්පොළ ප‍්‍රාථමික විදුහලේ අධ්‍යාපනය ලබන දීප්තිමත් සිසු දැරියකි. ඇය 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් දක්වන ලද ඉහළ දක්‍ෂතාව මත උඩුගම්පොළ මහා විiාලයේ දොරටුද විවෘත විය.

 මේ කාලයේදී ඇය පාසල් වාද විවාද කණ්ඩායමේ, ප‍්‍රබලම චරිතයක් වූවාය. පෙර පාසලේ සිට පැවැති රංගන, නර්තන, ගායන වාදන කුසලතාවන්ද මෙහිදී වඩ වඩාත් වර්ධනය කර ගැනීමට ඇයට ශක්තිය තිබුණි. අනතුරුව සිය අධ්‍යාපනයේ කඩඉම් පසුකරමින් ඇය පියනැඟුුවේ මාරපොල මහා විiාලයටය. එහිදී ජයනි 2020 දී අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉතා විශිෂ්ට අයුරින් සමත් වූවාය. 2022 පෙබරවාරි මාසයේදී ඇය උසස් පෙළ විභාගයට සූදානමින් සිටියදී කොරෝනා කාලයේ නිවාඩුවට හසුවිය. පාසල් අධ්‍යාපනය ලබන අතරතුරදී ඇයට කොළඹ සහ ගම්පහ ජනමාධ්‍ය ආයතන රාශියකම වැඩසටහන් කිරීමට ඇරයුම් ලැබුණේ මේ වන විටදීත් ඇයගේ කුසලතාවයන් උඩුගම්පොළ ප‍්‍රදේශයේ මුව මුව රැුව් දෙන්නට වූ හෙයිනි. සහතික සම්මාන රාශියක්ද ඇය ලබා ඇත. ‘‘ඔයාගේ දුව හරි අගේට නිවේදන කටයුතු හැඩට කරනවා. අපේ වේදිකාවේ නිවේදන කටයුතු කර දෙන්න. දුවට අපි ලොකු ගානක් දෙන්නම්…’’ වරක් දේශපාලකයෙකුගේ නියෝජිතයකු ජයනිගේ නිවසට පැමිණ ඇයගේ තාත්තාට ඇවිටිලි කරන්නට විය. අනුර තාත්තා නිරුත්තර විය. ‘‘මාමේ මම ඔය දේශපාලන වේදිකාවට එන්නේ නෑ. අපිට ඉන්නට හිටින්නට පිහිට වුණු මාමාට විරුද්ධව කළගුණ අමතක කරලා මම ඕවා කරන්නේ නෑ.’’

 ඇය ගුවන්විදුලි සංස්ථාවේ හා ස්වාධීන රූපවාහිනියේ නිවේදන ශිල්පිනියක ලෙසද පුහුණුව ලැබුවාය. නිවේදන කාර්ය සඳහා ඇයට විවිධ ඇරයුම් ගලා ආවත් තාත්තාගේ හෝ අම්මාගේ ආශිර්වාදය නැතුව නිවසින් පිටට ගියේ නැත. ඇය යෞවනියක වීමටත් පෙරදීම වේදිකාව ජයගෙන සිටි අතර පසුකාලීනව දුර පළාත්වල උත්සව වේදිකා, දහම්

 පාසල්, සංදර්ශනවලට පිය නැඟුවේ අම්මා හෝ තාත්තා සම`ගය. මේ අම්මා සහ තාත්තා ජයනි දුවගේ කුසලතාව දුටුවේ ඇයගේ කතාබහ හා ගායන විලාසයෙනි. ‘‘අපේ වාසනාව අරන් ආපු කුමාරි හොඳ ගමනක් යනවා. අපිට නොවෙයි රටටම ආඩම්බරයක්’’ මානෙල්, අනුර නිතරම දොඩමලූ වෙයි. ‘‘අම්මේ තාත්තේ කිසිදේකට බය වෙන්න එපා… මගේ ලෝකය ඔබලායි.

 මම රක්‍ෂාවක් කරලා අවුරුදු 5ක් යනතුරු කවුරු කතා කළත් විවාහ වෙන්නේ නැහැ. ණයවෙලා හදාගත්තු ගෙයි ණය බේරනවා. ඇස් දෙක වාගේ

 අම්මයි තාත්තවයි ආරක්‍ෂා කරනවා…’’ ඇය නිතර නිතරම කීවාය. මේ අතර ඇය සිය මව සම`ග මවගේ

 උපන් ගම වූ බදුරලිය වළකඩට ගියාය. වළකඩ ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ දහම් පාසලේ උත්සවයක ප‍්‍රධාන නිවේදිකාව වූයේද ඇයයි. වළකඩ දහම්පාසලේ දහම් අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට දහම් දැනුම බෙදා දීමේ වාසනාවද ඇයට ලැබුණි. දහම් ගුරු වෘත්තියේ නියුතුව සිටි ජයනි ළමුන්ගේ රංගන කුසලතාවයන් මතු කරමින් විශේෂ පංතියක්ද ආරම්භ කළාය. මිනිස් ජීවිත අවිනිශ්චිතය. කොරෝනාවෙන් මරණය අතළඟටම ඇවිදින්ය. කිසි දේකට චංචල නොවුණු ජයනි නිසංසලා කුමාරිගේ අධ්‍යාපන හා වෘත්තීය හැකියාවන්වලට විරාමයක් උරුම කරමින් කාලය ඇදෙන්නට විය. ‘‘අනේ අපේ දුව බැන්දා අයියේ… අපි දෙන්නාගේ ලෝකයට පෑයූ සඳමඬල රාහු අසුරයා වසා ගත්තා වාගේ දැනෙනවා…’’ මාස 4කට පෙරදී ජයනිගේ අම්මා රාත‍්‍රි කාලයේ දී මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දෙමින් කීවාය. මේ විවාහයට පෙරදී (මාස දහයකට දොළහකට පෙරදී* ජයනී සහ ඇයගේ අම්මා උඩුගම්පොළ සිට මෝල්කාව අපගේ නිවසටද ගොඩනැඟුනා මතකය. ඇය ත‍්‍රීවිල් රථයෙන් බැස මගේ දෙපා වැන්දේ රුවින් මා හඳුනා ගෙන නොසිටියත්, මාධ්‍ය තුළින් දැන සිටි නිසාය. ඇය පූර්ණකාලීනව ජනමාධ්‍ය ලෝකයට පිවිසීමට අධිෂ්ඨානගතව සිටිය හෙයින්ය. ‘‘අනේ අයියේ මෝල්කාවෙන් ඉඩම් කෑල්ලක් සොයා දෙන්න…’’ ඔවුනට මම ග`ග අද්දර ඉඩම් කැබැල්ලක් සොයා දුනිමි. එහෙත් එය ලබා ගැනීමේ තීරණය ප‍්‍රමාදය. ‘‘අනේ අයියේ අපේ දුව අපිට පමණක් නොවෙයි. ලංකාවටත් ලෝකයටත් අහිමි වුණා. ඇයගේ දේහය බදුරලිය රෝහලේ තියෙන්නේ… අපි ගම්පහ ඉඳලා ණයවෙලා ආවා… උඩුගම්පොළ ගෙදරට ගෙන යනවා…’’ දෑස් අන්ධ අම්මා ඉකිගසමින් කීවාය.

 අනතුරුව සිදුව ඇති අනතුර පිළිබඳව ජයනිගේ තාත්තා කීවේය.

 ‘‘අපේ දුව රෙදි සෝදන දියර වර්ගයක් දියකරලා බීලා ජීවිතය විනාශ කර ගෙනය කියනවා… මට නම් සිතා ගන්නත් අමාරුයි වෙලා ඇති සිද්ධිය මොකක්ද කියලා. දුව අගලවත්තේ ඇ`ගලූම් සේවයටත් ගිහින් තියෙනවා. දහම්පාසල් ගුරුවරියක ලෙස සේවය කළ ඉතා හොඳින් බණ දහම් දැන සිටිය මගේ දුව ජීවිතය විනාශ කර ගත්තොත් මතු භවයේ දුගතියක බව නිතර නිතර කියලා තියෙනවා. මේ විඳින වේදනාව දුකට අකාලයේ මැරෙනවා නම් මැරෙන්නට ඕනේ අපි දෙන්නා. මේ මරණය සැකයි කියලා මම බදුරලිය පොලිසියට කට උත්තර දී තිබෙනවා.’’ දුව අන්තිම වරට කතා කරලා මට කිව්වා මගේ ජීවිතය අවිශ්වාසයි.

 ඇවිදින් මාව බේරා ගන්න… හදිසියේ මැරුණොත් මේ අයට දකින්න දෙන්න මගේ දිනපොතේ මගේ ජීවිත කතාව තියෙනවා කීවා. තම යුග දිවියේ සහකරුගෙන් ජයනිට ලැබුණු දැඩි කලකිරීම ඇගේ දිවි ගමන ඇයටම එපා කරවන්නට හේතු වීද? එසේ නැතිනම් ඇයට එවැන්නක් කිසිවකු පෙව්වේද? යන්න තවමත් අබිරහසකි.

 මියගිය ජයනිගේ අම්මා කියන්නේත්, තාත්තා පවසන්නේත් අවුරුදු හතරේ සිට අත්වැල් අල්ලාගෙන හතර පෝයට කැලණි වෙහෙරට ගිහින් බුදු සිරිපා දෑතින් අල්ලා පිරිමැදීමට හුරු කළ තම දියණිය සදහටම අහිමි වුණු බවය. ‘‘අපේ සුදු දුව අවුරුදු හතේ ඉඳලා, අපි සම`ග වට වන්දනාවේ ගියා. ශ‍්‍රී මහා බෝධිය වැන්දෙව්වා, දළදා මැදුරට රැුගෙන ගියා. අනුරාධපුරේ අටමස්ථාන භූමි පොළව ස්පර්ශ කරලා බුද්ධ භූමිය වැඳ පුදා ගන්නට කියලා වන්දනා ගාථා

 මහ හඬින් සජ්ඣායනා කළා. සිරිපාදේ වඳින්නට කිලෝමීටර් තිහ හතළිහක්ම අපිව දෑතින් අල්ලාගෙන සමණල කන්ද නැග්ගා. මේ ආත්මයේදී මෙහෙම විශාල පුණ්‍ය කර්මයක් කරපු රත‍්‍රං දියණිය අපිට අපේ පෙර කරුමයකට අහිමි වුණා… යැයි කියූවේ හදවත් පාරවමිනි. පෙරේදා (19 දා* නාගොඩ රජයේ රෝහලේදී කොරෝනා පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment