නෙතාෂා මියගියේ රෝගී තත්ත්වයකින්

1233

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී තිරාණි පීරිස් මහත්මියගේ එකම දියණිය වන නෙතාෂා පීරිස් මෙනවිය මැලේසියාවේ දී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (11 දා) අභාවප්‍රාප්ත වූවාය.

ඇය මියයන විට 19 වැනි වියේ පසුවූවාය. නෙතාෂා නීතිඥ ගීතාල් පීරිස් මහතාගේ ආදරණීය දියණියද වූවාය. නෙතාෂාට එක් වැඩිමහල් සොහොයුරෙක් සිටී.

ඇය 2020 දී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දී උසස් අධ්‍යාපනය හදාරා තිබේ. පසුව ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය මැලේසියාවේ පදිංචිව සිටි නිවසේ දී හදිසියේම රෝගාතුර වී ඇති අතර පසුව ඇය රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

ඇයගේ දේහය මෙරටට රැගෙන ඒමට නියමිත අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment