නෙදර්ලන්තයේ ගුවන් තොටුපළක් බේරාගැනීමට ඌරන්ගේ සහාය

899

යුරෝපයේ පිහිටි කාර්ය බහුලතම ගුවන් තොටුපළක් වන නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පිහිටි ‘‘ස්කිපොල්’’ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් ධාවන පථයට කඩා වදින ‘‘ගීස්’’ නමැති කුරුළු විශේෂය පන්නා දැමීම සඳහා ඌරන් කණ්ඩායමක් යෙදවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

ස්කිපොල් ගුවන්තොටුපළේ ධාවන පථයට කඩා වදින ‘‘ගීස්’’ නමැති කුරුලූ විශේෂය හේතුවෙන් එම ධාවන පථයෙහි ගමන් ගන්නා ගුවන් යානාවලට දැඩි සේ බාධා එල්ල වී ඇති අතර ඉකුත් වසරේදී එම කුරුල්ලන් විසින් ගුවන් යානා 150කට බාධා කර තිබූ බව වාර්තා වී තිබේ. ගුවන් ධාවන පථය දෙපස පිහිටි ගොවිපළවල වැවෙන ‘‘ගීස්’’ කුරුල්ලන් විසින් අනුභව කරනු ලබන බීට් සීනි ආහාරයට ගැනීම සඳහා මෙම ඌරන් පිරිස යොදාගෙන තිබේ. ඌරන් විසින් මෙම බීට් සීනි අනුභව කිරීම හේතුවෙන් ‘‘ගීස්’’ කුරුල්ලන් පැමිණීම වැළැක්වීම මෙම ක‍්‍රියාමාර්ගයෙහි අරමුණ වී තිබේ.

විදෙස් පුවත් සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment