නෙදර්ලන්ත නායකයා ඉවත්වෙයි

347

නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක පීටර් සීලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. සිය පිටකොන්දේ වරින් වර ඇති වන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පීටර් සීලර් මෙම තීරණය ගෙන තිබේ.

 පීටර් සීලර් වසර 4ක් තිස්සේ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ අතර සීලර්ගෙන් හිස්වූ නායකත්ව ධුරය සඳහා ස්කොට් එඩ්වඩ් පත්කිරීමට නියමිතව තිබේ.

 නෙදර්ලන්තය වෙනුවෙන් එක්දින තරග 57ක් සහ විස්සයි විස්ස තරග 98ක් පීටර් සීලර් ක්‍රීඩාකර ඇති අතර එහිදී මුළු ලකුණු 1027ක් ලබා කඩුලු 122ක් දවාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment