නෙස්ටොමෝල්ට් වට පාපැදි තරගාවලිය – යුද හමුදාව විවෘත ඉසව්වේ බලය පෙන්වයි

113

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සහ නෙස්ලේ සමාගම එක්ව සංවිධානය කරන ලද 2022 නෙස්ටොමෝල්ට් වට පාපැදි තරගාවලිය පසුගියදා සාර්ථක අයුරින් නිමවට පත්විය. ඒ අනුව එහිදී ක්‍රියාත්මක කෙරුණු විවෘත පිරිමි ඉසව්වේ ශූරයා බවට පත් වන්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.කේ.එන්. වංශප්‍රිය සමත් විය.

 රටපුරා විහිදි සිටි පාපැදිකරුවන් 400කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු නෙස්ටොමෝල්ට් වට පාපැදි තරගාවලියේ විවෘත පිරිමි ඉසව්ව කිලෝ මීටර් 48කින් යුක්ත විය. එහිදී එම ඉසව්ව මිනිත්තු 58.45කින් නිමාවට පත් කළ වංශප්‍රිය එහි පළමු ස්ථානයට පත් වෙද්දී එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩිල්ශාන් විජිත කුමාරට හැකියාව ලැබිණි. චාමර මදුශාන් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

 ශ්‍රී ලංකා යුද හමුදාවේ සුපුන් මදුසංක සහ යුපුන් මදුසංක පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි තැනට තරගය නිමා කිරීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment