නෙස්ටොමෝල්ට් වට පාපැදි සවාරිය : 23 න් පහළ ශූරයා ෂෙනාල්

105

නිමාවට පත් වූ නෙස්ටොමෝල්ට් වට පාපැදි තරගාවලියේ පිරිමි 23න් පහළ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ එච්. කේ. එන්. ෂෙනාල් චමෝද් ද සිල්වා සමත්විය. ඒ එම ඉසව්ව මිනිත්තු 56.12කින් නිමවට පත් කරමිනි.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ සාරංග පෙරේරා සමත්වූ අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ කේ. ටී. කොස්ගොඩ සතු විය.

කිලෝ මීටර් 38කින් සමන්විත වූ පිරිමි 23න් පහළ තරග ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කේ. මනුෂ් නිහාර සමත් වූ අතර පස් වැනි ස්ථානය දිනා ගැනීමට ගෝල්ඩන් පාපැදි සමාජයේ අනුෂ්ක සුපුන්සිරි සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment