නෙස්ටෝමෝල්ට් වට පාපැදි සවාරිය – වයස 40 වැඩි

89

නෙස්ටෝමෝල්ට් වට පාපැදි සවාරියේ වයස අවුරුදු 40ට වැඩි ඉසව්වේ ශූරයා බවට පත් වන්නට කදිරාන ස්පීඩ් පාපැදි සමාජයේ සුසන්ත ද සිල්වා සමත්විය. ඒ කිලෝමීටර් 28ක ධාවන දුරකින් සමන්විත වූ එම ඉසව්ව මිනිත්තු 47.24කින් නිමාවට පත් කරමිනි.

පිරිමි 40ට වැඩි තරග ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සුපර් ස්ප්‍රින්ට් පාපැදි සමාජයේ ගීතකාන්ත ද සිල්වා සමත් වූ අතර එහි තෙවැනි ස්ථානය තමන් සතු කර ගැනීමට කැලණි පාපැදි සමාජයේ සුභාෂ් මංජුල හට හැකියාව ලැබිණි.

ඉන්ඩිපෙන්ඩන්ස් පාපැදි සමාජයේ ලක්මාල් අල්විස් එම ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත් වූ අතර කදිරාන පාපැදි සමාජයේ එච්.එන්.පී. සිල්වා පස්වැනි ස්ථානය දිනා ගනිමින් තරගය නිමා කිරීමට සමත්විය.

2022 නෙස්ටොමෝල්ට් වට පාපැදි සවාරිය රට පුරා විහිදී සිටින පාපැදි ක්‍රීඩකයන් 400කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය මස 22 වැනිදා කොළඹ විහාරමහදේවි උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.

ඉසව්වේ ශූරයා සුසන්ත

advertistmentadvertistment
advertistmentadvertistment