නෙස්ලේ ලංකා සමාගමෙන් රු.බි. 02ක ආයෝජනයක් නෙස්ටමෝල්ට් සහ මයිලෝ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවයි

154
Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, John Keells Holdings හි මානව සම්පත් සහ තිරසාරත්ව, ආයතනික අවදානම් සහ සමූහ වැඩසටහන් අංශ ප්‍රධානී ඉසුරු ගුණසේකර, සංවාදය මෙහෙයවූ ට්‍රිෂ්මා පින්ටෝ, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ සහ Emirates ගුවන් සේවයේ පාරිභෝගික විකිණුම් ප්‍රධානී (ශ්‍රී ලංකාව) දේවිකා ඇල්ලේපොළ යන මහත්ම මහත්මීහු ඡායාරුපයේ වෙති.

නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමඟින් කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්‍රයට නවතම Vacuum Band Dryer යන්ත්‍රයක් එක් කිරීමට පියවර ගෙන තිබේ.

එමඟින් මෝල්ට් ආහාර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ ධාරිතාව තවදුරටත් වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් ධනාත්මක බලපෑමක් සිදුකිරීමටද සමාගමට හැකියාව ලැබේ.

වර්ෂ 1984 දී මෙහෙයුම් ආරම්භ කරන ලද කුරුණෑගල පිහිටි නෙස්ලේ ලංකා කර්මාන්තශාලාව මගින් අද මෙරට අලෙවි කරනු ලබන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබයි. ඒ දැඩි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් අනුගමනය කරමිනි. යහපත් ආහාර, යහපත් ජීවිතය‘ (Good food” Good life) යන තේමාව පෙරදැරි කොටගත් නෙස්ලේ ලංකා සමාගම, වසර 115කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික ජීවිතවලට බද්ධ වී ඇත. එමෙන්ම, 25,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට, පොල් ගොවීන්ට සහ ගෙවතු වගාකරුවන්ට ජීවනෝපාය සවිකර දෙන නෙස්ලේ ලංකා සමාගම, 800කට අධික ඍජු රැකියා ප්‍රමාණයක් ද සපයා දෙයි. ඉකුත් වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලද මුළු මුදල රුපියල් බිලියන 6.6 ඉක්මවයි.

මෙරට ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රයට මුල්වරට හඳුන්වා දෙන මෙම Vacuum Band Dryer යන්ත්‍රය ස්විස් නිපැයුමකි. තවද, යකඩ සහ විටමින් ඩී වලින් සරු කර ඇති නෙස්ලේ නෙස්ටමෝල්ට් මෙන්ම නෙස්ලේ මයිලෝ නිෂ්පාදන ධාරිතාව නැංවීමටද එය හේතුවනු ඇත.

නව යන්ත්‍රය ස්ථාපිත කිරීමේ මූලාරම්භය සනිටුහන් කිරීම සඳහා නෙස්ලේ ලංකා සමාගම පියවර ගත් අතර, ඒ වෙනුවෙන් ඉකුත්දා කුරුණෑගල කර්මාන්තශාලා පරිශ්‍රයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මීහුද, නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා සහ අනෙකුත් නිලධාරීහුද සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ, හුදෙක් නිෂ්පාදන ධාරිතාව නැංවීමට අමතරව ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමටද අයෝජන මගින් ඇතිවන ආර්ථික සමෘද්ධියට හැකියාව ඇති බවය. එම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක් රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් ආයෝජනයක් සිදුකරන මෙවන් අවස්ථාවකට අද දින සහභාගී වීමට ලැබීම මට ගෞරවයක්. වර්තමාන ආර්ථික වර්ධනයට විදේශ විනිමය යනු අත්‍යවශ්‍ය සාධකයක්. එවන් පසුබිමක මෙම ආයෝජනය තුළින් සමාගමේ අපනයන ධාරිතාව නැංවීමට හැකිවීම ගැනත් මට විශාල සතුටක් තිබෙනවා යැයිද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment