නෙස්ලේ ලංකා සමාගම 2022 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ජයග්‍රහණ රැසක් හිමිකරගනියි

51

නෙස්ලේ ලංකා සමාගම, පසුගියදා පැවැති 2022 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, 2022 හොඳම ආයතනික තිරසර සම්මාන උළෙලේදී සියලු සමාගම් අතුරින් තෙවැනි ස්ථානය, හොඳම ආයතනික පුරවැසියන් 10ට අයත්වීම, නිෂ්පාදන අංශ සම්මානය, පාරිසරික තිරසරභාවය උදෙසා පිරිනැමෙන Triple Bottom Line සම්මානය, පාරිසරික ඒකාබද්ධතාව වෙනුවෙන් පිරිනැමෙන සම්මානය සහ මූල්‍ය කාර්යසාධනය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය යන ජයග්‍රහණ සමාගම සතුවිය.

ශ්‍රී ලංකාව තුළ පිරිනැමෙන ප්‍රශස්තම ආයතනික ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය ලෙස පිළිගැනීමට ලක්ව ඇති මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ලංකා වාණිජ මණ්ඩලය විසිනි. ජනතාව, පරිසරය සහ ලාභය යන ත්‍රිවිධ අංශ කෙරෙහි ප්‍රමුඛතාව දෙමින් ක්‍රියාකරන තිරසර සමාගම් ඇගයීමට ලක්කිරීම එහි මුඛ්‍ය අරමුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment