නෙළුම් කුලුන අද සිට  දිනපතා දහවල් 12 ට විවෘත වේ

257

සති අන්තයේ පෙ. ව. 10 සිට…

 අද (20 දා) සිට නෙළුම් කුලුන සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රි 10.00 දක්වාත් සති අන්තයේ පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වාත් මහජනතාවට විවෘතව තැබෙන බව නෙළුම් කුලුන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

 නෙළුම් කුලුන ඉකුත් 15 දා සිට ජනතාවට විවෘත විය. ඊට එක්වරක් ඇතුළුවීම සඳහා රුපියල් 500 ක් ද දිනය තුළ සීමාවකින් තොරව ඇතුළුවීම සඳහා රුපියල් 2000 ක් ද යන මිල ගණන් යටතේ ප්‍රවේශපත් මිලදී ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment