නෙළුම් කුලුන කැත කළ යුවල පොලිසියේ

3499


නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් එම කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී එහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා ඊයේ (30) සවස කුලුනේ යොදවා සිටි ආරක්ෂක නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

එහි නිලධාරීන් පවසා සිටින්නේ මේ ආකාරයෙන් නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment