නෙළුම් කුලුන පළමු දවසේ මිලියන 1.5ක් සොයයි : විදේශිකයෝ 21ක් ඇවිත්

170

මහජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙස සැලකෙන නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් පෙරේදා (15 දා) පළමු දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා තිබේ.

ඒ අනුව නෙළුම් කුලුන පළමු දිනයේ ආදායම රුපියල් ලක්‍ෂ 15කට ආසන්න බව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

එසේම, පෙරේදා (15 දා) නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයන් 2612 ක පිරිසක් පැමිණ තිබේ. එම පිරිස අතර විදේශිකයෝ 21 දෙනෙක් වෙති.

කොළඹ බේරේවැව අසල වර්ග මීටර් 30,600කින් යුත් භූමි භාගයක ඉදිකරන ලද නෙළුම් කුලුන ගොඩනැගිල්ල පෙරේදා සිට මහජනතාවට විවෘත කෙරිණි.

ඒ අනුව සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රි 11.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රි 12.00 දක්වාත් නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment