නොඒද මතුවට…. ඔබත් මමත් හමුවන දවසක්…..

246

පිය සටහන් මැකී නොමැත අද
මා ආ දිගු ගමනේ…
මගේම පියවර මත පිය නගමින්
ඔබ එනු දුටුවේ මා ලුහුබඳිමින්

පියසටහන් මැකී නොමැත තව
ගිරි ශිඛර මුදුන්වල වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී…
මා ඔබට ගැයූ ගී…

ඇසේද තවමත්… ඇලේ දොලේ ගලනා ගීයේ…
රළු බොරළු ගමන් මග වැලි තලා වානිය අද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්…

නොඒද මතුවට… ඔබත් මමත් හමුවන දවසක්…

ගේය පද – සුනිල් ආර්. ගමගේ
සංගීත නිර්මාණය සහ ගායනය – විශාරද ගුණදාස කපුගේ

නොඒද මතුවට.... ඔබත් මමත් හමුවන දවසක්.....
සුනිල් ආර්. ගමගේ

ගෝලීය වශයෙනුත් දේශීය වශයෙනුත් ජනතාව කිසියම් අර්බුදයකට මුහුණ දුන් අවස්ථා වලදී අපි සිහිපත් කරන නම් කිහිපයක් තිබෙනවා. බුදුන් වහන්සේ” ජේසුතුමා” නබිනායකතුමා වගේම ලෝක දේශපාලනයේ මානව සිත් අවදි කළ මහත්මා ගාන්ධි” මාටින් ලූතර් කිං” වී අයි. ලෙනින්” නෙල්සන් මැන්ඩෙලා ලී ක්වාන් යූ” ඉන්දිරා ගාන්ධි” සිරිමා බණ්ඩාරනායක වැන්නන් ඉන් ප්‍රධානයි.

නොඒද මතුවට.... ඔබත් මමත් හමුවන දවසක්.....
විශාරද ගුණදාස කපුගේ

අපේ දේශයටත් එකින් එක එන අර්බුද හමුවේ අපගේ විපිළිසර ඇස් සේම දබරැඟිලි දිගු කෙරෙන චරිත බොහොමයක් ඇතත් අපගේ දේශයේ ගමන්මග වෙනස් කරන්නට වෙර දැරූ පුද්ගලයින් ගණන ඊට සාපේක්ෂව ඉතා අල්පයි. මහාවංශයේ ඇති පරිදි එදා රජවරුන් ගැන” ඔවුන් කළ කී දෑ ගැන අපි බොහෝ සෙයින් උදම් ඇනුවත් අන්තිම සිංහලයේ රජුගෙන් පසුව මහා වංශය ගැන අපේ ජනතාවට නියත විශ්වාසයක් නැහැ. රටක් අරාජික වන විට අපි” අපගේ සිත් සතන් තුළ” තමන් අනුදත් කලාව උපයෝගී කොට ගෙන වෙනස් කරන්නට උත්සාහ දැරූ එමෙන්ම අනතිමානී ගුණයෙන් යුක්තව පසු පරපුරකට යායුතු නිවැරදි දිශානතිය මේ යැයි පැහැදිලි කළ බොහෝ නිර්මාණකරුවන් ගැන අපේ මතකයේ රැව් පිළිරැව් දෙන්නේ මෙවන් කාලයක දී යි. අන්න ජාතිකයෙකු වුවත් එස්. මහින්ද හිමි අපගේ ජාතිය උදෙසා පබැඳූ නිර්මාණ අදටත් කොතරම් වලංගු දැයි දැනෙන්නේ අපේ ලෝකය ඉදිරියේ හිතාගන්නට බැරි තරම් නිවටව හෑල්ලු වෙද්දීයි.බඩගෝස්තරවාදී දේශපාලන ගොහොරුවක සිට ගිනිකන වැදී සිටින ජනතාවට විරෝධාකල්ප” සත්‍යය” යා යුතු මාවත පැහැදිලි කරන්නට යමෙක් තම නිර්මාණ හරහා කොතරම් උත්සාහ ගත්තත්” තමන් අනුව ගමන් කරන්නේ යැයි සිතන ගමන් සගයින් ම” ලුම්පන් සමාජ ක්‍රමයේම ගොදුරු බවට පත්වෙමින් තම බඩ වඩා ගැනීමේ හරස් මාවතක් තෝරා ගත් විට” අර කියූ පිරිසිදු ආකල්ප ධාරාවට කුමක් සිදුවේවිද? යළිත් අර්බුද අවස්ථාවක දුහුවිලි පිස දමා උපයෝගී කර ගන්නට හමස් පෙට්ටියකට දමා උත්තම නිර්මාණ තැබිය යුතුද?

ගුණදාස කපුගේ නම් වූ” අද අප අතර නැති එහෙත් තමන් ජීවත් වූ කාලයේ තමන්ගේ භාවිතාවෙන් සහ උපරිමයෙන් අප නැගිට සිටිය යුත්තේ” යා යුත්තේ කිනම් ගමන් තලාවක දැයි තම නිර්මාණ තුළින් කියා පෑ යෝධ නිර්මාණකායක් හිමි ජ්‍යෙෂ්ඨ කලාකරුවා නැවත නැවත සිහිපත් වන්නේ ඔහුගේම නිර්මාණ හරහා යි.

‘පිය සටහන් මැකී නොමැත අදි..
මා ආ දිගු ගමනේ..
මගේම පියවර මත පිය නගමින්ි.
ඔබ එනු දුටුවෙමි
මා ලුහුබඳිමින්…..

සුනිල් ආර් ගමගේ නම් අප දෙටු ගීත රචකයාණන්” පබැඳූ මේ අති විශිෂ්ට පදවැල අද දවසට මොනතරම් ගැළපේද? තමන්ගේම පසු පරපුරක් වෙත නිර්මාණාලෝකය කිමැයි කියා දී” ඒ ආලෝකය ප්‍රභවයන් අත්පත් කරගත හැකි යහපත් ප්‍රවේශයන් මේ යැයි පැවසූ ජේෂ්ඨ ගේ පද රචක කුලකයේ සිටින සුනිල් ආරියරත්න” ධර්මසිරි ගමගේ” ප්‍රණීත් අබේසුන්දර” කුලරත්න ආරියවංශ වැන්නන් අතරේ සිටින සුනිල් ආර් ගමගේ නිර්මාණකරුවා මේ පදවැලෙහි හිමිකරුවායි. ගුණදාස කපුගේ තම සංගීත ඥානයෙන් මෙන්ම ගායන ප්‍රතිභාවෙන්” අනාගත පරපුරකට යම් ආවේශයක්” ප්‍රවේශයක් ලබා දුන්නේ ද” සුනිල් ආර්. ද අප්‍රකාශිතව එවන් ප්‍රවේශයක් අසූව දශකයේ සිටම නව ගේය පදරචක” ගායක” සංගීත නිර්මාපක පරපුරට ලබා දෙන බව දන්නේ අල්පයක් දෙනා පමණයි..

කපුගේ සහ සුනිල් ආර්. ගමගේ ඒකාත්මික වෙමින් නිර්මාණය කළ මේ ගීතය තුළ ඔහු ඔවුන් දෙදෙනා පමණක් නොව තම බොහෝ ගුරුවර නිර්මාණකරුවන්ගේ ර්‍ණනිර්මාණ කාරියන්ගේ ආත්මයන් මනාසේ විදහා දක්වනවා. අමරදේව” සරච්චන්ද්‍ර” චිත්‍රසේන” ලෙස්ටර්” ටයිටස් තොටවත්ත” නන්දා” සුනිල්” හෑගොඩ සුගතපාල” පතිරාජ වැනි මෙකී නොකී නම් වැලක නිර්මාණ ගමන් මග මේ පද රචනාව තුළින් මෙන්ම කපුගේගෙ විප්ලවීය ගායන මිහිරියාවෙන් අපට දැනෙන්නට ගන්නවා.

ඔව්” මේ තරගකාරී වටපිටාවෙන් යොදුන් ගණන් එපිට තවම ඇසෙන්නේත්” බුලත් විටකින් රතු වූ මුවකින්” දෙතොලකින් මුමුනන්නේත් ඒ හඬ මයි.

‘රළු බොරළු ගමන්මග.. වැලි තලා වැනිය අද..
හැරී බලමි මම ඔබේ ඇසින්..
මම නොදුටු ඇසින්..
නො ඒද මතුවට ඔබත් මමත් හමුවන දවසක්….

එදවස දැන් අප ඉදිරියටම ඇවිත්. එදාට වැඩියෙන් අද අපි ඔබ සැවොම කී දේ කියනවා” කියවනවා…

මන්ද.. උඹලා ලිව්වේ ගැයුවේ” වැයුවේ එදාට පමණක් නොවේ.

වර්තමානයට” අනාගතයට” සදාකාලයට” නො ඒ ද මතුවට ඔබත් මමත් හමුවන දවසක්…!!

නොඒද මතුවට.... ඔබත් මමත් හමුවන දවසක්.....
advertistmentadvertistment
advertistmentadvertistment