නොකර බැහැ – ඇමැති කියයි

391

ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමට වෘත්තීය සමිති විරෝධතාව දැක්වුවත් එම ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා කියා සිටින්නේ එම සැලසුම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවයි.

වෘත්තීය සමිතිවලට විරෝධය පළ කිරීමේ අයිතියට අභියෝග නොකරන නමුත්, ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්‍ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත්, එය අඛණ්ඩව සිදුකරන බවත් ඇමැතිවරයා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment