නොතැකුවොත් සටනට යනවා…. ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු

407

කෙරවලපිටිය යුගදනවි එල්. එන්. ජී. විදුලි බලාගාරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකානු සමාගමට දීමට කටයුතු කළහොත් වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

ඇමරිකානු සමාගම විසින් බලාගාරයේ කොටස් සියයට 40 ක් මිලදී ගැනීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් ලබාදීමට එකඟ වී ඇතත් රජයේ ප‍්‍රධාන තක්සේරුකරුට අනුව එම අගයන් තක්සේරු කළ කොටස්වල වටිනාකමට වඩා බොහෝ අඩු බව ද ඔහු කීය.

උක්ත සමාගම සමග මෙරට මුදල් අමාත්‍යාංශය පෙරදී අත්සන් කළ මූලික ප‍්‍රතිපත්ති රාමුව සහ වර්තමානයේ සිදුවන කි‍්‍රයාවලිය හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවත් මුලින් ඇමරිකන් ඩොලර් ශත 9.9 කට (රු. 19.800* විදුලි ඒකකයක් ලබාදීමට එකඟ වී ඔවුන්ගේ නව යෝජනාවලියට අනුව එම අගය රුපියල් 30.00 ක් දක්වා වැඩි කර ඇතැයි ද ඒ මහතා කීය.

වර්තමානයේ බලශක්ති අමාත්‍යාංශය මගින් මන්නාරම ද්‍රෝණියේ ඇති එල්. එන්. ජී. නිධියට අදාළ විමර්ශනයන් සිදුකරගෙන යන අතර මෙම ඇමරිකානු සමාගම සමග ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවලියට ගිවිසුම්ගත වුවහොත් ඉදිරියේදී එසේ සොයා ගන්නා එල්. එන්. ජී. ඉන්ධනය මෙරට බලශක්ති නිපදවීමට භාවිතා කිරීමේ හැකියාව පවා මෙරටට ඇහිරී යන බව ද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment