නොදන්වා ජනාධිපති කාර්යාලට ආ ටීඑන්ඒ මන්ත‍්‍රිවරු

233


දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීවරු පිරිසක් අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත.එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙත්සමක් ලබාදිය යුතුව ඇතැයි පවසමින් උද්ඝෝෂණයක නිරතව සිටී.මෙම පිරිස පැමිණෙන බව පෙර දැනුම්දීමක් සිදුකර නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එබැවින් ජනාධිපතිවරයා අද පෙරවරුවේ යොදාගෙන තිබූ රාජකාරි කටයුත්තක් සඳහා ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් ඇතැයිද පවසයි.දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීවරුනට අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අද කාලය වෙන්කරදී ඇත. එය මගහැර ඔවුන් මෙලෙස ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment