නොනිදන අරගලය වර්ණවත් කළ ආලෝක ධාරා…….

335

දේශයේ උන්නතිය උදෙසා නොනනිදන අරගලයක යෙදෙමින් ගාලු මුවදොර රැස්ව සිටින නිර්පාක්‍ෂික තරුණ තරුණියෝ පෙරේදා (17 දා) සිය අරගලයට නවීණ තාක්‍ෂණය යොදා ගනිමින් ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර මගින් ආලෝක ධාරා ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මත සිය විරෝධතා වැකි ප්‍රදර්ශනය කළහ.

විරෝධතා දැන්වීම නව මානයකට රැගෙන ගිය ගාලු මුවදොර අරගල භූමියේ තරුණ කැළ සිය ප්‍රථම ප්‍රක්ෂේපණය ලෙස ජාතික ධජය ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මත පතිත කළ අතර අනතුරුව විවිධ විරෝධතා වැකි ද ප්‍රදර්ශනය කළහ. වරෙක ජාතික ධජයේ වර්ණයන් ද එහි දිස්විණි. තවත් වරෙක ගෝඨා ගෝ හෝම් ආදි සටන්පාඨ ද දකින්නට ලැබිණි.

එහිදී ප්‍රදර්ශනය කළ ඇතැම් වැකි වැළැක්වීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්‍ෂක අංශ මගින් ආවරණයක් යෙදීමට කටයුතු කළද ප්‍රක්ෂේපණ ත්‍රිත්තවයක් ආධාරණයෙන් විරෝධතා වැකි ප්‍රදර්ශනය කළ විරෝධතාකරුවෝ නියමිත කාල සීමාවක් තුළදී සිය ඩිජිටල් අරගලය සඳහා ප්‍රදර්ශනය කිරීමට සමත් වූහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment