නොබැඳි සමුළුව මෙරට රැව්දී වසර 45 යි – ‘නොබැඳි ලොවේ කාහල නාදය නැෙඟ්’ – එදා පත්තරෙන්

734

ලොවින් අඩක් නියෝජනය වන ජාතීන් 86 කගේ රාජ්‍ය නායක නායිකාවෝ මෙහි පැමිණි අපේ රටේ ඓතිහාසික සිදුවීමක් වූයේ 1976 අගෝස්තු මස 16 අද වැනි දිනක පැවැති 5 වෙනි නොබැඳි රාජ්‍ය නායක සමුළුවයි. අදට ඊට වසර 45 කි.

 මෙම මහා සමුළුවේ එවක අපේ රටේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සභාපතිනිය වශයෙන් ඒකච්ඡුන්දයෙන් පත්විය.

නොබැඳි සමුළුව මෙරට රැව්දී වසර 45 යි - ‘නොබැඳි ලොවේ කාහල නාදය නැෙඟ්’ - එදා පත්තරෙන්

මෙම ඓතිහාසික අවස්ථාවේදී මාගේ භාෂාව වන සිංහල භාෂාවෙන්ද වචන කිහිපයක් කතා කිරීමට මා සතුටුයි. ප‍්‍රථමයෙන් මේ සභා ශාලාවේ එක් රැුස්ව සිටින අති සම්භාවනීය නායකයන් ඉතා සාදරයෙන් හා ගෞරවයෙන්  පිළිගන්නවා.

නොබැඳි සමුළුව මෙරට රැව්දී වසර 45 යි - ‘නොබැඳි ලොවේ කාහල නාදය නැෙඟ්’ - එදා පත්තරෙන්

ඔබ හැම මගේ රටට මාහට මෙම සමුළුවේ සභාපතිනිය ලෙස තෝරා ගැනීම ගැනත් එමඟින් මට ලබාදුන් ගෞරවයට මා බෙහෙවින්ම අවංකව ස්තුතිවන්ත වෙනවා. සැමට සාමය සංවර්ධනය හා සතුට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාර්ථනය යැයි අගමැතිනිය සඳහන් කළාය.

 ‘නොබැඳි ලොවේ කාහල නාදය නැෙඟ්’, ‘අගමැතිනි මුලසුන ගෙන මුල් දෙසුම පවත්වයි’, ‘ඓතිහාසික රාජ්‍ය නායක සමුළුව අපේ මාතෘභූමියේ රැුස්වූ වගයි’ ආදී ලෙස පුවත්පත් ප‍්‍රධාන සිරස්තල හා ඡුායාරූප සහිතව සමුළුව හා එහි පැමිණි රාජ්‍ය නායකයන් හා ඔවුනගේ රටවල් ගැනත් සමුළුවේ දැක්වූ අදහස් ද වාර්තා කර තිබිණි.

 ‘හාරසිය කෝටියක් වන ලෝක ජනතාවගෙන් එකසිය අනූ දෙකෝටියක ජනතාවක් නියෝජනය කෙරෙන නොබැඳි ජාතීන් 86 ක රාජ්‍ය නායක නායිකාවෝ පිබිදෙන ලෝකයේ විමුක්ති සටන් මග තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් ස්වකීය දේශයන් දේශපාලන හා ආර්ථික ග‍්‍රහණයෙන් මුදා ගැනීමේ උදාර අරමුණ ඇතිව අද කොළඹදී රැස්වෙති’ එක ප‍්‍රධාන පුවතක පළමු ෙඡ්දය වූයේය. (1976 අගෝස්තු 16) සමුළුව වාර්තා කිරීමට එතෙර රටවලින් ඡුායාරූප ශිල්පීහු 57 ක් දේශීය හා විදේශීය පුවත්පත් වාර්තාකරුවන් 135 දෙනෙක් පැමිණියහ. අගෝස්තු 16 වැනිදා උදේ 8.55 ට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් එවක ජනාධිපති විලයම් ගොපල්ලව මහතා හා එම මැතිනිය.

 ලෝකයේ දේශපාලන හා ආර්ථික විමුක්තිය සඳහා කෙරෙන අරගලයේ නව පරිච්ෙඡ්දයක් ලෙස එම සමුළුව ගැන රාජ්‍ය නායකයන් අර්ථ දක්වා තිබිණි. යටත්විජිතවාදය හා වර්ණ භේදයට එරෙහිව ගත යුතු හඬ නැඟීමද එමඟින් අවධාරණය කර තිබූ තවත් කාරණා දෙකක් වූයේය.

 මැතිනිය සමුළු ශාලාවට ළඟා වීමෙන් පසු මඟුල් බෙර සක් හඬ මධ්‍යයේ පොල්තෙල් පහන දල්වා සමුළු උළෙල ඇරඹීම සිදුවිය.

 1961 නොබැඳි ජාතීන්ගේ ප‍්‍රථම සම්මේලනය බෙල්ගේ‍්‍රඞ් නුවරදී පැවැත්විය. ඉන්දීය අගමැති ජවහල්ලාල්නේරු, ඝානාවේක්ව මේන් ක්රුවා, ඊජිප්තවේ නසාර්, ඉන්දුනීසියාවේ සුකර්තෝ, යුගොස්ලෝවියාවේ ටිටෝ වැනි නායකයන් නොබැඳි සමුළුවේ නිර්මාතෘ නායකයන් වූයේය.

 1961 එම ප‍්‍රථම සමුළුවටද ලොව ප‍්‍රථම අගමැතිනිය ලෙස ගෞරවය දිනාගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද සහභාගිවී තිබිණි.

 වියට්නාම් අගමැති පෑම්වෑන් ඩොං, යුගොස්ලෝවියා ජනපති ජොසප් මාර්ෂල් ටිටෝ, ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලිබියානු ජනාධිපති කර්නල් ගඩාෆි, ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්, සැම්බියා ජනපති කෙනත් කවුන්ඩා, සයිප‍්‍රසයේ නායක ඇට්බිෂොප් මකාරියෝස්, නේපාලයේ බිරේන්ද්‍ර වික‍්‍රම රජතුමා ආදී වශයෙන් රටවල් 86 ක නායකයෝ විදේශ ඇමැතිවරු හා රාජ්‍ය නිලධාරීන් ද සමුළුවට සහභාගි වීමට නියමිතය.

 සමුළුවට සමගාමීව පැවැති විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවේ මුලසුන මුදල් හා අධිකරණ ඇමැතිව සිටි පිලික්ස් ඩයස් බණ්ඩාරනායක හෙබවීය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ව සිටි කූට් වෝල්ඞ් හයිම් මහතා සහ මහත්මියත් ඊට එක්වීමට පැමිණියහ.

 නොබැඳි යන සංකල්පය රටවල ස්වාධීනත්වය රකිමින් ගැති භාවයෙන් මිදී ගැටුම්වලට තුඩු දෙන වාතාවරණයන්ගෙන් බැහැරව සහයෝගයෙන් කටයුතු කළ හැකි විදේශ ප‍්‍රතිපත්තියක නිරතවීම නොබැඳි ප‍්‍රතිපත්තිය වූයේය.

 1961 සිට 2017 දක්වා සමුළු වාර 15 ක් පවත්වා ඇති නොබැඳි ජාතීන්ගේ සංවිධානයෙන් එම සමුළු වාර 3 කට මෙරට රාජ්‍ය නායකයන් සහභාගිවී තිබේ. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන (හවානා 1979* ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2003 (ක්වාලාලාම්පූර්) (2006 – හවානා) ඊජිප්තු සමුළුවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද සහභාගිවී තිබේ.

 නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment