නොමිලේ බෙදන්න යූරියා මෙට්‍රික් ටොන් 1000 ක් එයි!

84

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් අඩුආදායම්ලාභී ගොවි ජනතාවට නොමිලේ ලබා දෙනු ලබන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙසේ යූරියා කිලෝ 50ක් බර පොහොර මලු තුන්ලක්‍ෂ හැත්තෑපන් දහසක් ලබාදීමට ඔවුන් එකඟ වී ඇත.

ඒ අනුව මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 1000ක් පළමු කොටස වෂයෙන්ද අඩු ආදායම්ලාභි පවුල්වල කාන්තාවන් සඳහා රු.18000 බැගින් මුංඇට වගා කිරීමට පවුල් ලක්‍ෂ 14කට ලබා දීමට පියවර ගෙන ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment